(අංජුල මහික වීරරත්න)
" වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ජීවත් වූ ගාල්ල කපුහෙම්පල නිවසට අද පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ද නිවස අවට රැස්ව සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා වික්ටර් අයිවන් මහතාගේ ඥාතීන් හමුවී ශෝකය පළ කොට නැවත පිටත්ව යාමට සූදානම් වීමේදී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් කෑමට සහල් නැති බවත් පොල් රුපියල් දෙසිය ගණනට ගොස් ඇති බවත් සඳහන් කළේය.
" අපගේ බලාපොරොත්තුව සර් තමයි" යනුවෙන්ද ප්‍රදේශවාසීහු රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසූහ.
එම පිරිස අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා " අපි බලමුකෝ මොකද වෙන්නේ" යනුවෙන් සඳහන් කළේය.
COMMENTS
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
ඔයාටත් චෝදනා ටිකක් තියනවා නේද? ලෑස්තිවෙලා ඉන්න සීයේ...
වෙචිචි දේවල් අපි පහුගිය කාලේ පුරාවටම අත් දුටුවා.2048 වෙන්කම් ඉන්ඩ කිව්වේ රටම බන්කොලොත් වෙනවා දකින්ඩ වෙන්ඩැති .
කොහේද ගම? තණකොළ කන අය තාම ඉන්නවා නේ..
අපි ඔබතුමන්ලා කරපු දේවල් දිහා බලාගෙන සිටියෙමු. නැවත එය සිදුනොවේ...
කොකා දිය හිඳෙනකන් බලන් හිටියා වගේ නේද සර්? දක්කාගෙන ආපු හරක් රංචුවක් වෙලාවට උම්බෑ කියන්න කිව්වා නේද?
පෙන්දයියා රට කෙරුවේ හොරුන් ආරක්ෂා කරමින් ජනතාවට බදු පටවමින් නාකියා දන්නේ නැද්ද? කම්බ හොරු පවුල් පිටින් හොරකම් කරපුවා මෙයාට කව්ද දන්නේ නැහැ. ඉගැන්නුවේ මේ වගේ මෝඩයෝ රට පාලනය කරපු නිසා තමයි හොරුන්ට ගිය රටක් වුණේ... මිනිහාට තමයි මොවුන් කඳුළු ගෑස් ගහගෙන හමුදාව දාගෙන වැඩ පෙන්නුවේ.. මෙයාට දුක කියන්න ආවේ මේයා වගේ හොරු තමයි. සාමාන්‍ය වැසියෝ නම් එන්නේ නැහැ.
මාලිමා හෙංචයියන් මෙහි කොච්චර අකුරු කෙටුවත් වැඩක් නැත. පොදු මහජනතාවට මේ ආණ්ඩුව එපා වී ඇත.
ඔයාට විඳවන්න තියනවා. ඒවා බලලා අධි පීඩනයට පත් කරපු ජනතාව සැනසිල්ලේ ඉන්නවා...
ගාල්ලේ සභාපති ගවයා, කුලියට කට්ටිය දම්මලා ප්‍රශ්ණ අහන්න...දශක ගණනාවක් තිස්සේ පොල් ඉඩම් කට්ටිකරලා, ඩෝසර් කරපු හැටියට, පොල්ගෙඩියක් දෙසීයට තියෙන එකත් ලොකු දෙයක්....
මැක්ස් ගුලි කාපුවහම ඔහොම දේවල් කියවෙනවා.
තමන්ගෙ නායකයින්ගෙන් මල ගෙදරක ආවම හාල් පොල් ඉල්ලන ගවයින් ගාල්ලේ ඉන්නවා කීවාම ගාල්ලේ අපටත් ලැජ්ජයි. හරියට රනිල් ගොඩ ගහලා ගිය පොල්ගොඩ අනුර වැඩි මිලට විකුණනවා වගේ මේ ගවයන් කතා කලේ, පුදුමය කියන්නේ එක චැනල් එකක මම දැක්කේ මේක විතරයි. රනිල් ආපු කාරණය වත් සඳහන් කළේ නැහැ. ඒ තරමට මඩ පාර දෙන්නයි හදිසිය...
ආර්ථිකය රනිල් ගොඩ දමා නැති නිසා ඔහු පොරක් වන්නේ නැත. හැබැයි චීනයෙන් රනිල් ගෙනා ඩොලර් බිලියන 4.5 ක ආයෝජනය ඩොලර් බිලියන 3.5 කට පාවාදීමෙන් රටේ මෙතෙක් ලැබුණු ඉහළම ආයෝජනය ලෙස ජනතාව අන් දා පොර ටෝක් දුන් මම පොරය. ගමන ඉක්මන් ය. ගැලරියේ විසිල් මරැය. සමන්ත
මුන් හිතන් ඉන්නේ හැමදාම මහජන දේපළ මුන්ගේ කියලා.
ජිම් පප්පා ජිම් පප්පා ලිදේ වැටීලා ලිදේ තියෙන කොටු කෑලි.. හාහාහා. හොද වැඩේ නාකියාට.. තව එතරෙ සවාරි ඔනද නාකියෝ... ඒකක් ඉතුරුයි අපායේ සවාරිය.. මේ ලෝකදෙීම යන්න පුලුවන්..
ඔව් ඔව් බලන් හිටපන් උඹලාවත් ළඟදීම කුදලගෙන ගිහින් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා මහ බැංකුව සුද්ද කරන්න හවුල් වූවන්ට
පිං ගොනා බලාගෙන ඇති , ගෝටට වුන දේ වෙනකල් , ලෑස්තිවෙලා ඉන්න බටලන්දේ කෙරුවාවලුත් ලග එනවා
හොරු අල්ලන්න ඕන! ඒකෙන් ජනතාවගේ සිත් සමනය වෙනවා(ඉරිසියා සම්බන්ධව)! නමුත් ආර්ථිකය නොහැදුවොත් මිනිස්සු බඩගින්නේ(රනිල් කල කාර්ය)! දැනටමත් සමරහකට තේරිලා, බඩු ගණන් කියන්නේ ඒකයි. තාම හුඟක් හිතන්නේ හොරු ඇල්ලුවාම බඩත් පිරෙයි කියලා! එහෙම නොවන බව තේරෙන්න කලක් යාවි!
ඔහොම කියාපු එවුන් කොහොම එවුන් වෙන්න ඕනේ දැයි කාට කාටත් හිතා ගන්න පුළුවන්
බලාගෙන ඉදලා වැඩක් නැහැ වැලිකඩ යන්න සූදානම් වෙන්න මුත්තේ, මහ දවල් සිදුකල මහබැංකු මහ මංකොල්ලයේ ප්‍රධාන වග උත්තරකරු ලෙස.
පුළුවන් තරම් රටේ ධනයෙන් රට සවාරි ගියා.