
(අංජුල මහික වීරරත්න)
ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.
ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද ණය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය පස්සේ දෙන්නම් කියලා තවත් ණයක් අරගෙන කයිවාරු ගහනවා .ලැජ්ජා නැද්ද?
උඹට නම් රට බංකොළොත් නැහැ. ඒත් බං අපිට කන්නවත් සල්ලි නැහැ. බස් එකේ යන්න සල්ලි නැතුව කිලෝ මීටර් ගණන් අපි පයින් යනවා. එතකොට සපත්තු ගෙවෙනවා. සපත්තු දෙකක් ගන්න බැහැ 8000ක් නැතුව. බයිලා එපා බං. උඹලා මේ පොර ටෝක් දෙන්නේ අන්ත අසරණ මිනිස්සුන්නට. උඹලා කිව්වේ මේක පාලනය කරපු ඔක්කොම වසලයන්ට.
අපි නම් අහලා තියෙන්නේ ණය ගන්න ගන්න බංකොලොත් වෙනවා කියලා.ඒත් රනිල්, නන්දලාල් සහ බයියෝ හිතාගෙන ඉන්නේ බිලියන 3ක් ණය ලොතරැයියක් ඇදුනා කියලා.මේ වගේ අපතයෝ
බංකොලොත් බව පේන්නෙ දැනට කල්දමා ඇති විදේශ ණය ආපසුගෙවන්න වෙන දවස පටන්ගත්තාම. එතකම් හැලියේ වතුර නටන තුරු දියකෙලිමු.
රට බංකොලොත් නෑ. මිනිස්සුයි බංකොලොත්
රට බංකොලොත් නිසානේ මේ ණය දුන්නේ.තාමත් බලයේ ඉන්නේ,රට බංකොලොත් කළ පොහොට්ටු හොර කල්ලියම නේද ? බංකොලොත් කළ රට එසේ කළ අයගේම රජයක් යටතේ ආපසු ණයක් ගත්තා. දූෂිත හොර නඩය හොරා කෑ දේ යළි ලබා ගැනීමට කටයුතු කොට, ඉන් අනතුරුව මේ කතාව කියන්න.
එහෙනම් අපි පරණ සෙල්ලං ටික ආපහු පටන් ගමු. මෙහෙමත් අපතයො ටිකක්. වැඳලා වැඳලා ණයක් අරගෙන කප් රුක පහල වුනා වගේ. මේ ගත් ටික විතරක් නෙවෙයි පරණ ඒවත් තියෙනව ගෙවන්න. රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩ ගන්න, අපනයන වැඩි කරන්න වැඩ පිලිවෙලක් හදපල්ල. හැමදාම හිගා කනව.
මාර තියරි එක. මාත් මේ බැංකුවට යන ගමන් ගෙදරයි වාහනෙයි ගෑණියි උකස් කරලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ලංකාව වගේ…
ණය ගත්ත ගමන් පුරුදු ටෝක්.
බන්කොලොත් නැතිනම් අර ඉදිකිරිම් කේත්‍රයෙ කොන්තරාත්කරුවන්ගෙ අවුරුදු 3 තිස්සෙ ගොඩ ගැහිල තිබෙන බිල් ටික ගෙවන්න.
වාව් . වෘතීය සමිති ඉල්ලීමේ දිනුම්..,,ජීවන වියදම U$D 10 බහි, පෙලපොත්, බෙහෙත්, ඩීසල්, පෙට්‍රෙල්, රට ගිය අය හැරිල එයිනෙ?
මෙන්න මේක තමයි මෙයාගේ මෝඩ ප්‍රකාශය. මෙයා තමයි කැබිනට් තීන්දුවක් අරන්, ලංකාව දුප්පත් රටක් කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා, දැන් කියනවා "ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද කීය. ලෝකය කියන්න එක කෙසේවෙතත් මෙයා ප්‍රකාශ කලා. මෙයා හිතාගන ඉන්නේ ජනතාව දුරටත් රවට්ටන්න පුළුවන් කියල. ඒ යුගය අවසන්. ඒ නිසා නේ චන්දය කල් දාන්නේ.
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,ජනතාව මහපාරට වැටෙන තැනට දූෂිත පවුල් පාලනේ උන් රටම බන්කොලොත් කෙරුවා..
මටනම් හිතන්නේ ණයට ගන්නවා කියන්නෙ තවත් පහලට වැටුනාට සමානයි කියලා මේ හිගන න්‍යාය හොදයි කියලා සිතනතාක් මේ රට තව තවත් අගාධයට වැටෙනවා එනිසා දැන්වත් ඔය ඔය මෝඩ සිතුවිලි ඉවතට දමා සංවර්ධනය වෙනුවෙන් යමක් කරන්න බලමුකෝ.
" පිස්සෙකුගේ සිතිවිලි හෙවත් හදවතක් නැති මිනීමරු බැංකු හොරෙකුගේ හර්දය සාක්ෂිය " අලුත්ම සිනමාපටය. දැන් දියවන්නාවේ ඌරු කොටුවේ ප්‍රදර්ශනයවේ. පට්ට මෝඩ බයියන් සඳහා විශේෂයි !!!
අපරාදෙ ණය ගත්තේ. අනුර ගාව ඇලඩින්ගේ පුදුම පහන තියෙනවා. දැන් බයියෝ ටික කුහක කමෙන් මැරෙන්න යනවා.
ඔය ණය ගෙවන්න තව කොච්චර ණය වෙයිද?
මේ වගේ ජෝකර් කෙනෙක් දැක්කමයි.
යකො මොනවා කරත් නය නයමනේ, තව තව නය අරගෙන රට තව වලේ දන්නේ නතුව ගෙදර යනවා හලෝ පව් නොදී. බිලියන 400 ගානක් නය රට, බිලියන 2 කින් ගොඩ ගන්න, හිතන් ඉන්නෙ අපි හරක් කියලද?
මූ කියන ගොන් කතාවලට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ.
බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් , දුශිත දේසපාලුවෝ නම් බන්කොලොත් නැතුව ඇති.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපුවා අයකරගත්තානම් ,ණය ගන්ඩ ඕනේ නැහැ. පින් ජනපතියා කරන්නෙත් ,දූෂිත දේසපාලුවෝ රකින එක. බන්කොලොත් උනේ,ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියපු දූෂිත දේසපාලුවන්ට චන්දෙ දීපු ජනතාවයි .
ඒ ගොනා අපි වික්කා.
රට බන්කොලොත් නැතිවුනාට. හොර නඩේ බන්කොලොත්. යකෝ ටිකක් මොලයක් තියෙන වානම් මේ වගෙ මෝඩ සෙවල කතා කියයිද. මේයා ගේ ගම දොම්පේ වෙන්න ඇති. දැන් එ මිනිස්සුත් මෝඩ නැහැ මෙයා තරම්. දැන් ඔය ණයට ගත්තු සල්ලි හොරාකන්නෙ නැතිව. රට තරුණ නායකයට දිලා කට්ටියම ඇතුලට යන්න. දැන් සල්ලි තියෙනවානෙ. ඡන්දෙ පටන් ගමු. මහින්දයයි හිඟන නඩේයි. පවුල් ටිකයි එකතුවෙලා ණය මුදල් කබා සිනියා වෙන්න කලින් හොදින් කියන්නෙ. පල ගෙදර.
16 වතාවක් IMF ගිය රටක්, එයින් එක වතාවක්වත් ගොඩ නොගිය රටක් ,17 වතාවේ ගොඩ යයි කියලා හිතන්නේ ,හැමදාම හීනලෝකවල ඉදන් මේ සැරේ කොරයි කියල හිතන ශ්‍රී ලාංකිකයෝ ඇරෙන්න වෙන කවුරුද .
තියපන් පුතා ජන්දයක්, යන එන මං නැති වෙන්නම බංකොලොත් කරල දෙන්නම්, ඔයාවයි ඔයාගේ රාජපක්ශ මස්සිනාලවයි.
නියමයි. කිරිබත් කමූ. රතිඤ්ඤා පත්තූ කරමූ. ණය ගන්න මම අම්මා ක්ලබ් එකට වික්කා. අක්කා හෙට අරන් යාවි. නංගි මල්වර වූවෙක් නෑ. අල්ලපූ ගෙදර බාස් එයා අරන් යාවි ලබන මාසේ. ගේත් වික්කා. අද කිරිබත් කමූ. සිංදූ කියමු. නටමු. මම පවූලම බේරගත්තා. නූපන් හෙටක් ගැන මොන මගූලකටද බය වෙන්නේ. උඹත් අර සමනල මූදලාලි ගාවට පලයන්. ඌ කොල්ලන්ට රජ සැප දෙනව. බය වෙන්න එපා තටඹගෙන ඉවසපන්.
රට තවදුරටත් බංකොලොත් නෑ’ බංකොලොත් වෙන්න රටක් නෑ. කොහොමද කැකිල්ලේ රජතුමා.
අපේ ගම්වලත් ඉන්නවා තමන්ගේ වතු පිටි විකුනලා කාලා ,අන්තිමට ගමේ සල්ලි කාරයෝ පස්සේ ගිහින් පොලියට සල්ලි අරන් තාවකාලික සතුටක් ලබන පිරිසක් .අනේ පවු කියලා තමයි කියන්න තියෙන්නේ
උඹ බංකොලොත්
ලෝකෙට ණය වෙලාම බංකොලොත් වෙලා නැවත පින්සේන්ඩු වෙලා ණයක් අරන් කියන කතා.මේවා දශක 2-3 කට පෙර හිටපු අයනම් ඇහුවා .අද තරුණ පරපුරට හොඳට බුද්ධිය තියනවා.ගොනාට අන්දන්න අමාරුයි
ණය ගත්තු සතුටට කිරිබත් ,රතිඤ්ඤා පත්තුකරන මීහරකුත් ඉන්න රටක් මේක.ලෝකයට ණය ගෙවලා ඉවර උන දවසට නම් සතුටු වෙන්න පුළුවන්
ජනතාව විසින් අත්තනෝමතිකව කටයුතු කර බංකොලොත් භාවයට පත් කල රට නවත ගොඩ ගත් ඔබට ජනතා ප්‍රණාමය.
කවදාවත් නැහැ' නමුත් අපි ලොව විශාලතම හිඟන්නන් බවට පත් වූයේ රාජපක්ෂ රනිල් සහ 225 කණ්ඩායම නිසාය.
ඔබල අපහාස කරන බයි ගොඩට මමත් වැටෙනවා. ටිකකට නෙමෙයි අවුරුදු 30 ක චන්ද වලට. ඒකට හේතුව ඉන්දියානු ව්‍යාප්තවාදයට තිබෙන විරුද්දතාවය. ඔවුන් 75 වතාවක් විතර අපේ රට ආක්‍රමණය කලා. ලේ හැලුව. ඔවුන් අදත් බලන්නේ අපේ රට ඔවුන් යටතට ගන්න. අද මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉඳන් මොනවද කරන්නේ? ඉන්දියාවයි ලංකාවයි ඒකාබද්ධ කරන්න ඕනලු. (ඔහුගේම වචනෙන් integrate) රටවල් දෙක අතර විදුලි රැහැන් අදින්න යනවා. ඉන්දියානුවන් නේපාලය සලකන්නේ ඔවුන්ගේ කක්ෂයේ (orbit) තිබෙන රටක් හැටියට. කොපමණ උත්සහ කලත් ලංකාව ඒ තත්වයට ගන්න ඒ අයට බැරි උන. එකට හේතුව වැඩිහිටි පරපුර ඉන්දියාවේ තරම සහ අරමුණ දන්නා නිසා. තරුණ සහ ළමා පරපුර සිතන විදිය අනුව අනාගතය තීරණය වේවි. අපට කන්න නැති වෙලාවේ තමන්ගේ ආර්ථික ශක්තිය පාවිච්චි කරලා ඉතා අඩු මුදලට, ප්‍රයෝගික නොවන, පාඩු ලැබීමට පවා හේතුවිය හැකි පැකේජ හඳුන්වල එයාටෙල් එක මොනවද කරන්න යන්නේ? මොබිටෙල් ඩයලොග් බංකොලොත් කරන එක. එයාටෙල් එක ලංකාවේ සන්නිවේදන සන්නාමය කරන එක. ඒ මගින් හැදෙන පරම්පරාවේ ඔලු සෝදන එක. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණු ඉබේම ඉටුවෙනවා. අමිතාබ් බච්චන්ට මැණිකේ ලොකු උනේ ඇයි? ආදරේටද? නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ මොළ හෝදන්න
ලෝකෙට නය වෙලා අන්තිමට රට බන්කොලොත් උන. එවගෙන් පාඩමක් ඉගෙන නොගෙන තව තවත් ලෝකෙට නය වෙලා උදම් අනනව. කර්මාන්ත ශාලා ඇති කරල රැකියා උත්පාදනය කරල පිටරටට නිශ්පාදන යවන්න පටන් ගත්තනම් මොකද වෙන්නෙ