IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’

(නිමල කොඩිතුවක්කු)

සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු  විත්තිකරු අගමැති  මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.

ජනාධිපති ඇතුලු ආණ්ඩුවම ඉවත් වනතෙක් මින් ඉදිරියට කිසිදු සාකච්ඡාවකට හෝ වැඩපිලිවලකට සමගි  ජනබලවේගය එක් වන්නේ හෝ සහයෝගය ලබා නොදෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති, ඇතුලු ආණ්ඩුව ඉවත් වන්නේ නම් පමණක්   ජනතාව වෙනුවෙන් රට භාරගැනීමට සමගි ජනබලවේගය ඉදිරිපත්  වන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

රටේ විපක්ෂනායකට, සාමකාමිව විරෝධය  පලකරන තරුණ තරුණයින්ට පහර දෙද්දී   නීතිය ක්‍රීයාත්මක නොකරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්ණ කරන බවත් මහලේකම්වරයා එහිදී පැවසීය.

ජන පීඩිත රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන තෙක් ඔවුන්ට එරෙහිව එරෙහිව  රටේ ජනතාව පාරට බස්සවා විරෝධය පළකරන බවත් ඔහු කීවේය.

රාජපක්ෂලා බේරාගැනීමට යෙදවූ හදිසි නීතියට සහ  ඇදිරිනීතියට ඇහම්කන් දීමෙන් වලකින්නේ යැයිද ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.



අදහස් (7)

’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’

කොට නම් සෙකුරිටි Monday, 09 May 2022 07:22 PM

මූනේ රැවුල තිබ්බනම් " ප්‍රභාකරන්ගේ " අච්චුවමයි..! අනුන්ගේ වැරදි හොයන්න හරිම දක්‍ෂයි... ඒත් එයාගෙ ලොක්කා කරන වැරදි පේන්නෙම නැහැ පෙළපාලි ගිහිල්ලා... රටේ තරුණයින් අවුස්සපු ඒවා එහෙම...!

:       102       79

Ratawasiyek Monday, 09 May 2022 07:51 PM

225ම එකම වල්ලේ... ඔයත් ඇතුළුව සජීනම් කෑවා. ඔයත් කන්නද හදන්නේ?

:       69       50

චන්දන Monday, 09 May 2022 07:53 PM

ඉදිරිය සාමකාමි වෙයි කියලා හිතනවාද?

:       0       52

උස නම් කම්කරු Monday, 09 May 2022 07:54 PM

එතකොට පාස්කුවේ එක වුනේ ඔයා විපක්‍ෂයේ ඉන්නකොට නොවෙයි නේද..? ඇයි ඔය දිව දෙකේ තලගොයි කතා කටුස්සගේ පාට වෙනස්කරලා එදා කිව්වේ නැත්තේ? පළමු විත්තිකරු "හරින්ව වහාම අත්ඩංගුවට ගන්න’’ පාස්කුව සම්බන්ධව කියලා..?

:       77       58

de silva Monday, 09 May 2022 08:38 PM

මයිනා අත්අඩංගුවට ගන්න කිව්වාට ඔයාට දුක හිතුණද?

:       15       22

"" හිඟා කෑම තහනම් ""Monday, 09 May 2022 10:48 PM

අනේ නැහැ .... සිල්වා.... රට තව මාස 5 කට හාන්සියි..! දුක "" හිඟා කෑම තහනම් "" කියන්න බැරි එකට..! ඒ වුනාට ඉබේම ඒක කරන්න වෙනවමයි!

:       0       0

Roxy Monday, 09 May 2022 10:21 PM

ඔයා ගේ නායක සජිත් ගේ තාත්තා අත් අඩංගුවට ගන්න කියන්නත් අමතක වුනාද? උම්බෑ උම්බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site