
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා.ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.ආණ්ඩුව කරන හැම හොඳ වැඩේටම විපක්ෂය විරුද්ධ වුණා.අප ඒ සම්ප්‍රදායෙන් දැන් එළියට යා යුතුයි.වෙනස් විදියට හිතන්න විපක්ෂය ලෙස අප ලෑස්තියි .හැබැයි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි යනුවෙන්ද රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔයා ගැන පොඩ්ඩක්වත් දුක නැහැ, වැලිකඩට යන්න ලැහැස්තිවෙලා ඉන්න.
මේවාගේ පැටිකිරිය අපි දන්නවා, කොළයක් බලන්වත් හරියට කතාවක් කරන්න බැරි නුගත් හැබැයි හොරකමට දක්ෂ අසික්කිත චරිතයක්.
පාර්ලිමේන්තු කිරි කලයට වැටුණු ගොම බිදු තුනෙන් එකක් ඔයා කියලයි කියන්නේ. මොකෝ මේ මරු කියවන්නේ? නඩුවට දින දෙන එක හීනෙන් වත් දැක්කද රත්තරනේ….?
මූ තමයි කීකරුම මන්ත්‍රී වෙන්නේ මේ සැරේ .
කොළයක් බලාගෙන හරිහැටි සිංහලවත් කියන්ඩ බැරි දූෂිත දේසපාලුවෝ පහුගිය කාලේ හිටියේ ..කෙකර ගගා තටම තටම වරදද්ද වරද්දා අයවැය කතාව කරපු මොළහතා මතක් වෙනකොට දෙකොනින්ම හිනා යනවා.
මොකද දන්නේ නැහැ රත්තරන්ට ජනපතිගේ ගුණ ගායනා කරන්ඩ හිතුනේ? දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කරපු මහාපරිමාණ හොරකම් වංචා දුෂණ හින්දා හිරේ යන්ඩ වෙයි කියලා බය හිතිලා ඇති?
අනේ රෝහිත අඬලා ඉවරයිද දැන්..?
කපන්න බැරි අත ඉඹිනවා මිසක් වෙන මොනවා කරන්නද?
අන්න නැවතත් එක්ස්ප්‍රස් පර්ල් නැව පත්තුවෙලා , එක්ස්ප්‍රස් බස් එකකින් කෙලින්ම අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරයට යන්න ලෑස්තිවෙලා ඉන්න.
මුන්ට ඡන්දෙ දෙන අමන ඡන්දායකයෝ රටේ තවත් ඉන්නවනේ ?
කොයෙන්ද හිනා වෙන්නේ කියලා ඉතා ගන්න දන්නේ නැත. සතුටුනම් ගෙදර ගිහිල්ලා තියගන්න.