
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
සතොස ආයතනයේ සිස්ටම් ඔඩ්ට් මුල් ටෙන්ඩරයේ ලියකියවිලි අතුරුදන් කර ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව මහතාගේ සමාගමට එය පිරිනමා ඇතැයි පැවසූ හෙතෙම එම මුල් ටෙන්ඩර් ලියකියවීලි අතුරුදහන් කිරීම ගැන පරීක්ෂණයක් කළ යුතු බවද සඳහන් කළේය.
සතොස ආයතනය අද හොර ගුහාවක් බවට පත්ව ඇති බවද ඔහු කීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සමූපකාර වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
කියවන්නේ නැතුව ඔප්පු කරලා අල්ලස් දූෂණ ගැන පොළිසියට පැමිණිල්ලක් දාන්නකෝ.
ඔහේලගේ කාලේ සතොසෙ හරි කොලිටි හාල් තිබුණා නේහ්…!
ඒක නිසා තමයි අපි සතොසෙන් බඩු ගන්නෙත් නැත්තේ, ඔය කුණු බඩු අඩුවට මිනිස්සුන්ගේ ඇඟේ ගහන තැන්, ඡන්දයට කලින් මාලිමා සමූපකාරේක කුණු පරිප්පු සෝදලා විකුණන්න දාල තිබිල අහු වුනා, එක යට ගැහුවා මේ පරිප්පු ආපහු යවන්න සූදානම් කරපුව කියල, එත් මොන යකාද කුණු බඩු සුද්ද කරලා ආපහු යවන්නේ? පරිප්පු සොදන්නේ මොන පිස්සද? එත් මුන් එක කරලා යට ගැහුවා
බිමල් නලින්ද වසන්ත සමරසිංහ නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙක්ගේ වැඩක් කියලයි.
ඕක පාර්ලිමේන්තුව ඇතුලේ වරප්‍රසාද වලට මුවා වෙලා කියවන්නේ නැතුව එලියට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න බලන්න ඔයාට වෙන්නේ මොකක් කියලා බලාගන්න පුලුවන්!