(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාව තුල යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බව අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය සඳහන් කරයි.

පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි  ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (29) වනදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ශ්‍යාමලි මහත්මිය මේ බව සඳහන් කළාය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය, තව දුරටත් සඳහන් කළේ,  මෙවර යල කන්නය  සඳහා පොහොර අවශ්‍යතාවය පිළිබඳව ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කළ බවත් යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බවට ඔවුන් සහතික කළ බවත්ය.