
(යොහාන් භාසුර)
දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් වෙන් කර ඇති බවත් එම ටිකට් විවිධ පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි මාධ්‍ය හෙළි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
සංචාරකයින්ගෙන් ගසාකනවා. රටම අපකීර්තියේ දමනවා. වැඩ තහනම් කරලා මදි, රිමාන්ඩ් කරලා නඩු පවරන්න ඕනේ...!
කාලකණ්ණි එළවන්න ඕනේ ලංකාවෙන්ම...
හිතන්න ඇති මේ සජිත්ගේ ආණ්ඩුව කියලා...
ඕක එක් ස්ථානයක් විතරක් වෙන්න බැරිද? තව අය ඉන්න ඕනෑ නේද..? අනික වැඩ තහනමට ලක්ව සිටින පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඕවාට අදාල නීති පසුගිය කාලයේ සම්මත කර ගත්තා නේද?
ලංකා දුම්රිය සේවයේ ඔයිට වඩා හොරවැඩ, අපරාධ කරන අයත් ඉන්නවා. ඒවාටත් ඉක්මනින්ම පිළිතුරු ලබා දුන්නොත් හොඳයි..!
ලොකු හොරු බැරි නම් පොඩි හොරු හරි අල්ලන්න. වැඩ තහනම් කරලා මදි ඇතුළට දමන්න ඕනේ... හැමතැනම මාෆියාව මේවා නැති කරන්න මිනිස්සු මලිමාවට ඡන්දෙ දුන්නේ... අවම වශයෙන් මෙවැනි හොරුන් දිනකට 10ක් පමණ අල්ලන්න ඕනේ..!
දුම්රිය ටිකට වෙන් කරනවා කියලා මේ හොරු සංචාරකයින්ගෙන් නොසෑහෙන ලෙස ගසාකනවා. ගුවන්තොටුපලෙන් බැසපු තැන සිට දිගටම එක එක මාෆියා, සංචාරකයෝ මේවා සමාජ මාධ්‍යවල දැම්මාම යුරෝපේ ජීවත්වන අපට පාරේ බැහැලා යන්න බැහැ. අපට රට විරුවා, අර විරුවා, මේ විරුවා වැනි නම්බු නාමවත්, තීරු බදු රහිත වාහන වැනි කැරට් අල පොරොන්දුවත් අපට අවශ්‍ය නැහැ. කරුණාකර ඉන්න රටක ශ්‍රී ලාංකිකයින් ලෙස අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න ඉඩ සලසුවාම හොඳටම ඇති... කරුණාකර සංචාරකයින්ගෙන් ගසා කන එක නවත්වන්න. රජය පියවර ගන්න.