
(නිමල කොඩිතුවක්කු)
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සිස්ටම් වෙනසක් වුණේ රටේ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ පමණක් යැයිද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවත් අද වන විට ක්‍රමයේ වෙනසක් සිදුව නොමැති බවත් මට්ටක්කුලියේදී පැවති ජනහමුවකදී ඔහු සඳහන් කළේය.
රටේ ක්‍රමවේදයේ වෙනසක් වෙනුවට සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ වෙනසක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලයට පැමිණි පසු විදුලි බිල , තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කිරීම, පාස්පෝට් පෝලිම් නැති කිරීම හා බදු අඩු කරනවා යැයි කිව්වත් මේ කිසිවක් සිදු නොවු බවත් ඔහු කීවේය. බඩු මිලවත් හාල් මිලවත් පොල් මිලවත් අඩු කරන්න ඔහුට නොහැකි වූ බවත් මේ වන විට පොල් පෝලිම් නිර්මාණය වී ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂයේ සිටියදී ඉන්ධන මිල සූත්‍රයට බැන බැන සිට අද එම මිල සූත්‍රයම උපයෝගී කර ගෙන ධනපතියන් භාවිත කරන සුපිරි තෙල්වල මිල පමණක් අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල්වල මිල අඩු නොකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ සියල්ල ජනතාව රවටන කතා බවත් බලයට පැමිණි පසු බදු අඩු කරනවා කිව්වත් අඩු කළ බද්ධක් නොමැති බවත් ඔහු කීවේය.
අයි එම් එෆ් සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම සාකච්ඡාවලින් පසුව නිර්දන පන්තිය නියෝජනය කරනවා යැයි කියන ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මාධ්‍යයටත් බලපෑම් කරන ජනාධිපතිවරයා ඒකාධිපති රංගනයක නිරත වන බවත් ඒකාධිපති නොවී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය. වත්මන් ජනාධිපතිවරයාට රට කරන්න නොහැකි නිසා සැබෑ ක්‍රමයේ වෙනසක් සිදු කළ හැකි සමගි ජන බලවේගයට මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

COMMENTS
තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරුව පැනපු අය කියන දේවල් ඇහැව්වාම අපිටම ලැජ්ජයි. ජනතාව බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක පටන් ගත්තේ අනුර කුමාර මහතා රටේ ජනාධිපති වෙචිචි දවසේ ඉඳලා?
මෙන්න උස නම් සිකුරිටි මිටි නම් කම්කරු... ඡන්ද අල්ලස් දුන්නු හොරෙක් රටට බණ කියනවා.. පුන්නක්කු කන පිරිසක් ශ්‍රද්ධාවෙන් අහන් ඉන්නවා. කාට කියන්නද..? කවුද මේ වහල්ලුන්ව හදන්නද?
ඇයි තමුන්ගේ තමයි හොඳටම වෙනස් වෙන්නේ, ලබන පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකකම නැති වුණාම වෙනස හොඳටම පෙනෙයි. පත්වෙලා මාසයක් වුණු ආණ්ඩුව, තවම දුවන්නේ තුන් දෙනාගෙන් මෙයා ඉර හඳ ඉල්ලනවා... තමන්ගේ පක්ෂය ඇතුලේ ඕජස් දුවන තුවාල, අනුන්ගේ වෙනස හොයනවා. පුළුවන් නම් එක දාහක් රැස් කරලා පෙන්වන්නකෝ...!
අපට බුද්ධිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. හැබැයි මේ වගේ පුද්ගලයෙක් නම් විපක්ෂ නායකකමට කෙසේවත් සුදුසු නැත.
බලය නැති වෙලාවේ කියන දේවල් කරන්න බෑ බලේට ආවාම. ඒ නිසා කවුරුත් දැනගන්න ඕනෑ කියන දේවල් ඔහේ නොකියා වගකීමක් ඇතිව කියන්න. අහන අපිත් දැනගන්න ඕනෑ ඒවට අහු නොවී ඉන්න.
ධනපති පන්තිය සහ නිර්දන පන්තිය සුපිරි ඉන්ධන වලින් ද මනින්නේ සජිත් ?
විකාර, කෝ ප්‍රසිද්ධ රැස්වීම් ... කෝ චණ්ඩි පාට් දාපු පළපුරුදු සෙට් එක. ඒ වෙනසම මදිද.. ඉතිරි සෙට් එකත් මේ ඡනදෙන් ඉවරයි...
කතාවේ අවංක අත්තක් තියනවා . මේ වෙනකම් වෙලා තියන දේවල් වල හැටියට මේ කතාව හරි . මාධ්‍යත් ස්ටේජ් වල නැගලා තර්ජනය කළා තමයි කීප වතාවක් .පාස්පෝට් ප්‍රශ්නේ නම් අනාගෙන ඉවරයි
අඩේ…., මගේ වීල්එකට ගහන්නෙත් 95, එතකොට මමත් ධනපතියෙක්…..! ටැංකූ…. පුතානෝ…..!
උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු, 95 ගහනවා නම් ධනපති, 92 ගහනවා නම් නිර්ධන.!
සජි පිස්සු කියනවා... ගණන් ගන්න එපා
වෙනස කොයි තරම්ද කියනවානම් මෙදා පාර හරිහමන් විපක්ෂයක්වත් නැතිවෙන ගානට ගිහින් මෙහෙම ගොන් කතා කිය කියා යන නිසා
ඔයාට මේවා තේරෙන්නේ නෑ සජිත් ඔයා ඉස්කෝල වලට ස්මාට් බෝඩ් බෙදාගෙන ඉන්න
මෙයා ග්‍රාමසේවක කමටවත් සුදුසු නැහැ. මෙයාව විපක්ෂ නායක කමටවත් පත් කරන්න එපා. මෙයා විපක්ෂ නායකකමේ අවුරුදු කීයක් හිටියද? මොනවද කළේ. අපේ සාමූහික වගකීම සුදුසු නායකයෙක් පත් කිරීම.
නොවැම්බර් 14න් පස්සෙ කට්ටිය සෙට් වෙනකං ආතල් දෙන්න , මාලිවාවට ලොකු මුදලාලිලා ට ගෙවන්න නෑ චන්ද වලට වියදම් , බස් දන්සැල් වියදම් , රජයේ අනවශ්‍ය වියදම් , ආර්‍යාවන් නඩත්තු වියදම් ,, ට්‍ර යි එකක් දුන්නොත් විපක්ෂය වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් වෙයි මාසෙන් විසදීමට නොහැකිය 76 වසරක ශාපයක් , මමත් 35වසරක් අලියා වෙනුවෙන් චන්දෙ දුන්න , අපි හම්බ් කරල ජීවත් වෙන්න බැරි කලා , දෙපැත්ත හොරු රැක්කා
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එකතු වූවාට වඩා විශාල සමාජ සේවයක් සජිත් කර ඇත. AKD හෝ ඔහුගේ නීච කල්ලිය ජාතිය වෙනුවෙන් කිසියම් සේවයක් කළ ඕනෑම දෙයක් නම් කරන්න. කිසිම දෙයක් නැති තරම්. රැලියේ මඩ ගහලා මිනිස්සුන්ට මඩ ගහලා තමයි ඡන්ද ගත්තේ. ජ.වි.පෙ කළේ බොහෝ තක්කඩි සිංහලයින් මුදල් හා සමාජ තත්ත්වය ඇති අයට ඊර්ෂ්‍යා කරන බව කවුරුත් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ සජිත් ප්‍රේමදාස කෙරෙහි ඔවුන්ගේ ඊර්ෂ්‍යාව උපක්‍රමශීලීව අවුස්සයි. සජිත් තක්කඩියෙක් නොව AKD වෛරයෙන් ජනතාව රවටයි...
චින්තක නොදන්නවාට පහුගිය චන්දේ වැඩියෙන්ම ප්‍රචාරණයට වියදම් කරලා තියෙන්නේ මාලිමාව.
හපොයි මෙයා වැටිච්ච තැනක්!