IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘

(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (9) විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් පැවසීය.

අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට ගිය තමන්ට මැර ප්‍රහාරයක් එල්ල වුවත් රටේ ලක්ෂ දෙසීය විස්සක් ජනතාව වෙනුවෙන් එම සටන අඛණ්ඩව මෙහෙයවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

ගාලුමුවදොරපිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය විමසා බැලීමට එහි ගිය විපක්ෂනායකවරයාටද ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අද (9) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

“ම්ලේච්ඡ රාජපක්ෂ ආන්ඩුව මේ රටේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි තරුණ පරපුරට තමන්ගේ මැරයින් යොදාගෙන දැවැන්ත ප්‍රචණ්ඩත්වයක්  ක්‍රියාත්මක කලා. මේ රාජපක්ස ප්‍රචණ්ඩත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව තරුණ තරුණයින් වෙනුවෙන් මමත් එම ස්ථානයට යාමට කටයුතු කළා. මම පාරේ ඇවිදමින් එම ස්ථානයට යද්දි මැරකණ්ඩායම් මටත් ප්‍රහාර එල්ල කලා. ප්‍රේමදාසලා කවදාවත්  මැරයින්ට ත්‍රස්තවාදීන්ට බය වෙන්නේ නැහැ.

මම ගාලුමුවදොරට ගියේ මේ රටේ  ප්‍රජාතන්ත්‍රවාදි නිදහස වෙනුවෙන්. අරගලයේ  නිරතව සිටි අයට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව  එය හෙලා දකිමින් එම අරගල කරුවන් සමග එකට හිට ගැනීමට මම එහි ගියා.  රාජ්‍ය ත්‍රස්තවාදීන් මට  පහරදීලා මගේ නිල රථයට හානි කලා. අපි බොහොම අමාරුවෙන් බේරිලා ආවා. මගේ ඇදුම්වල වීදුරු කටුතැවරිලා තිබුනා. නමුත් මට කිසිම තුවාලයක් නැතිව බේරිලා අවා.

අද මම මහපාරට බැස්සේ  මැයි පළවෙනිදා මගේ පියා පාරට බැස්සා වගෙයි.  මම අද දවසේ මේ දේ කලා වගේම රටේ ලක්ෂ දෙසීය විස්සකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් අපි පාරට බහින්න මැලි වෙන්නේ නැහැ.



අදහස් (6)

‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘

කිරි පුතා Monday, 09 May 2022 05:59 PM

මෙන්න බොලේ නිර්පාක්ෂිකයෙක්...

:       15       38

ajithMonday, 09 May 2022 08:45 PM

‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ප්‍රතික්ෂේප කරන්නා වූ මොහොතක ඔබ ජනතාවගේ අරගලය අතරට ගොස් වීරයකු වීමට ඔබට නොහැකිබව තේරුම් ගන්න. රටේ දේශපාලන මෙන්ම දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විපක්ෂ නායකයකුගේ කාර්ය බාරය ඔබට කළ නොහැකි බව පැහැදිලිවම මේ වනවිට ජනතාවට පෙනී ගොස් තිබේ. නිර්පාක්ෂික අරගලයට දේශපාලකයින් පැමිණීම අනවශ්‍ය බව තරයේ කියා සිටියදීත් ඔබ අරගලයට යාමෙන් ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් නොලැබෙන බවත් තේරුම් ගන්න..

:       2       23

මහසෙන් Monday, 09 May 2022 06:28 PM

අනුන්ගේ පහනින් එළිය බලන්න ගිහින් තව ටිකකින් ලැබෙනවා නේද? මතක හිටින්න ඔයා හිතන්නේ ඔයා 225ට අයිති නෑ කියලද? ඔයා කොහොමත් කයියට ශූරයා... කියලා රට්ටු දන්නවා. නිකන් තවත් වටේ යන්න එපා. ඔයාටත් මේක කරන්න බෑ. ජනතාවගේ පැත්තේ ඉන්නවා නම් මොකද නැගලා ගියේ අනික් සේනාව එක්ක. අපි දැක්කා වුණු දේ.

:       5       41

චන්දන Monday, 09 May 2022 07:28 PM

ඔයාගේ තාත්තා තමයි ආදර්ශයට අරගෙන තියෙන්නේ.... අවි ගත්තෝ අවියෙන්ම නසී. සිහිපත් වුණා අද දවල් වෙච්චි දේ දැක්කාම...

:       5       30

සුසිල් Monday, 09 May 2022 09:59 PM

ඔහේට ඔතන කරන්න දෙයක් නැහැ ඵ්කනෙ ගිල්ලල ඉල්ලන් කෑවෙ. මුල ඉදලම සටන මෙහෙය වන්නෙ ලප කුමාර ඵ්කනෙ වීරය වගේ අද ඵතනට ගිහින් කතා කරල කිව්වෙ සටන අත අරින්න ඵපා කියල.

:       0       0

Saththaya Monday, 09 May 2022 10:42 PM

ජනතාවගේ ජීවන වියදමට විසදුම් සහ සහන කෙසේ හෝ 2015 න් පසු සකස් කරගෙන එද්දී ඔබ තමා නායකත්වයට කෑදර කමට කුමන්ත්රණ කරලා අද රට මේ තත්වයට ඇදල දැම්මේ . දැන් බංකොලොත් . වග කිව යුත්තා ඔබ කියලයි මගේ හැගීම .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site