(රංජන් කස්තුරි)
නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙගුලාසි කොළඹ වරාය නගරය තුළ බලාත්මක නොවන බව ‘‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ‘‘ සඳහන් වේ.
මීට අමතරව රටේ පවතින තවත් පනත් 14කින් කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවලට සහන සලසාදිය හැකි බවත් එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත, මහ නගරස සභා ආඥාපනත 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වානිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත ද 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය පනත යන පනත් කොළඹ වරාය නගරයට අදාල නොවන බව ද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.
COMMENTS
හොඳ හොඳ චීන සෙල්ලම් එළිවෙයි යාමෙට
චීනෙට ඕන විදිහෙ නීති වෙන්න ඇති මගේ හිතේ
ඒ කියන්නේ ලංකාවේ කෑල්ලක් නෙමෙයි ද? එහෙමත් නැති නම් ලංකාවේ ව්‍යාපාර කරන පුරවැසියන්ට නැති විශේෂ පහසුකම් මේ භූමියේ ව්‍යාපාර කරන කෝටි ප්‍රකෝටි ව්‍යාපාරිකයන්ට ලැබෙනවා කියන එකද?
එකේ ඇතුලේ සිංගප්පූුවේදී තියන දැඩි නීති ගෙන්න ඕනේ.. අපේ වගේ ස්වයං විනයක් නැති අය හදන්න පුළුවන් වෙන්නේ විදියට තමා.. නැතිනම් වරාය නගර ව්‍යාපෘතිය වගේ වෙයි..
ඇත්තටම හොඳයි
මේකත් මිනිස්සුන්ට පස්සේ තේරෙයි... මේක විසි වැනි සංශෝධනය වගේම භයානකයි.. කවදා හරි චීන්නු රටේ තීරණ ගන්න ආව දවස තේරෙයි. එතකොට මේ රටේ ඉන්න ඇමෙරිකන් කාරයෝ තමන්ගේ රටවල් වලට පනි. අපිට තමයි විදවන්න වෙන්නේ...
එක රටක්... එක නීතියක්.. සියලු දෙනාම දේශද්‍රෝහීන්...
විරුද්ධ වෙන පාර්ශව මේ ගැනත් හිතා බලන්න. අපි චීනාට දුන්නේ අක්කර ගණනක මුහුද පමණයි. එය ගොඩකර වෙළඳ නගරයක් කිරීමේ ඩොලර් මිලියන ගණනක වියදම් දැරුවේ චීන රජයයි. එසේ ගොඩනගපු වෙළඳ නගරයේ පාලනයට නීතිපද්ධතියක් ඕනේ නේද? අපේ රටේ නීතිය කොල්ලා බල්ලා අනුව වෙනස්වන බව ඔබලත් දන්නවා.., අපිත් දන්නවා, චීනත් දන්නවා. හෙල්මට් නැතුව මෝටර් සසිකලයේ යන හම්බයාගේ ඔලුවට හෙල්මටය ඔබන්න බැරි නීතිවලින් මේ වෙළඳ නගරය පාලනය කරන්න බැරිබව චීනා දන්නවා අපිත් දන්නවා. එසේ නම් නගරය පාලනය වෙන්න අලුත් නීති පද්ධතියක් ඕනේ නේද? එය වෙළඳ නගරය අයිති කරුවන්ට වුවමනා විදිහට හැදෙනවා මිස අපිට ඕනේ විදිහට කෙරෙන්නේ නැහැ නේද? අනික ඕවා තීන්දු වෙන්න ඇත්තේ වෙළඳ නගරය හදන්න පළමුව මෙපමණ කලක් ඔබලා ඔය ගැන දැනගෙන සිටියේ නැද්ද?