
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බොරැල්ල දේවස්ථානයේ දී සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් යැයි මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා බව පවසයි.
අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාස 10ක කාලයක් එම දේවස්ථානය සේවය කළ පුද්ගලයකු බව ද ඔහු සිද්ධිය පිළිගෙන ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පොලිසියට ලබා දිය යුතු තොරතුරු පොලිසියට ලබා නොදී මාධ්‍යයට ලබා දීමෙන් එම අපරාධයන්ට අදාළ සැකකරුවන් හැංඟෙන බැවින් එය පොලිස් පරීක්ෂණ පවත්වා ගැනීමට බාධාවක් බව ද කීය.
බෝම්බය රැගෙන ආ බව කියන පුද්ගලයා විසින්ම එය පෙන්වා දී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බිම තිබූ බෝම්බය අල්තාරයමතින් තිබ්බේ තමන් බවට ඔහු පිළිගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
සැකකරුගේ කාමරේ ගිනිකූරු හඳුන්කූරු ටේප් ආදිය ද තිබී හමුවී ඇතැයි ප්‍රකාශ කළ සරත් වීරසේකර මහතා මෙම පරීක්ෂණ සිදුවන ආකාරය වැරදියි කියන එක වැරදි ප්‍රකාශයක් බව අවධාරණය කරනු ලැබීය.
පොලිසිය ගැන විශ්වාසය නැති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යාම මහත් ගැටළුවක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුංගමුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
COMMENTS
පොලිසිය ගැන නම් අපිට කොහෙත්ම විශ්වාසයක් නැහැ.
බොහෝදුරට මේ දේශපාලකයාගේ ප්‍රකාශ සත්‍යයෙන් තොරවිය හැකියි...
මන් හිතන්නේ මෙයා කියන්ඩ හදන්නේ ඉස්පිරිතාලෙ සිද්ධියත් මේ වගේම නාටකයක් වෙන්න ඇති කියලා. ස' දහ අතින්ම ඇනගෙන ඉද්දි චන්ද ගොඩ දාන්ඩ නන් මෝඩ මිනිස්සු ටිකක් අන්දන්ඩ එපායැ. ඉතින් ඉස්සරහට මේවා නෙමේ උතුරෙන් වලදාපු යුද ටැංකි මතු උනත් පුදුම වෙන්ඩ දෙයක් නැහැ. ආ ඇයි තව වඳ පෙති එහෙම.
දස වද දීලා මරපු තාජුඩීන්, අනතුරකින් මැරුනා කියන පොලීසිය ගැන මොන කතාද?
බොරුවටත් සීමාවක් තියෙනවා.
ඔය බෝම්බ දෙක විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවොත් උන්ම තමයි. උන් හිතාගෙන ඉන්නේ අර මෝඩ රැල වගේ අපිවත් තම්බන්න පුළුවන් වෙයි කියලයි. අර උදෙන්ම පල්ලියට එන පුද්ගලයා ගැන මොකද කතා නැත්තේ? ඔහුව එව්වේ කවුද? කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාවටම දැන් තේරිලයි තියෙන්නේ, මුන්ගේ මේ අසමජ්ජාති කෙරුවාව. උඹලට ඔය ගිනි ආපහු පත්තු වෙන දවස වැඩි ඈතක නැහැ. හිතාගෙන ඇති බලයෙන් උමතුවෙලා මේ මහපොළොව බදාගෙන සදහටම බහිරවයෝ වගේ ඉන්න පුළුවන් කියලා?
ඔන්න ඕක අරගත්තු තැනකින් ගිහින් දානවා ගෝනි බිල්ලෝ මවන්නේ නැතුව
මෙයා යුද්ධය අවසන් කරපු අයගෙන් පස්වෙනියා නිසා අපිට විශ්වාසයි
මෙම පරීක්ෂණය පැරණි ස්කොට්ලන්ඩ් අංගනයේ "තොම්සන් සහ තොම්සන්" වෙත ලබා දෙන්න.
පල්ලියේ වැඩකරන කෙනෙකුගේ කාමරයේ හඳුන්කූරු ටේප් ආදිය තිබීම සාමාන්‍ය දෙයක් නෙමෙයිද?
වැරදිකරු කියා තීන්දු කළේ කව්ද? මොන උසාවියෙන්ද?