(උපාලි ආනන්ද)
පරිසර සංවිධාන ඉල්ලීම් කළ පමණින් හැගීම් මත පදනම්ව විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ. චෝදනා ඔප්පු වුවහොත් මෙවැනි අපරාධ කරුවන්ට පවතින නෛතික රාමුව තුල උපරිම දඳුවම් ලබා දෙන බව කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා ප්රකාශ කළේය
මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පවසා සිටියේ ගල්ගමුවේ දළ පූට්ටුවා නමින් ප්රචලිත වෙඩි තබා ඝාතනය කළ බව කියන දළ ඇතාගේ දළ යුගළ නීති විරෝධීව සන්තකයේ තබා ගත් ග්රාම නිලධාරියකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙකුට එරෙහිව පවතින නඩුව කුරුණෑගල මහාධිකරණය්දී යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදි මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා තවදුරටත් අවධාරණය කළේ රජයේ සේවකයන් මෙවැනි අපරාධවලට සම්බන්ධවීම සහ දළ ඇතුන් සම්බන්ධයෙන් පවතින ආර්ථිකමය වටිනාකම් සුළුවෙන් තැකිය නොහැකි බවයි
මෙම නඩුවට අදාළව (ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන්) සිදු කර ඇති විමර්ශන වල අඩුපාඩු පවතින බවත් එවැනි අඩුපාඩු සැකසීමට අධිකරණයට නොහැකි බවත් ප්රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ චෝදනා සංශෝධනය විය යුතු බවට නීතිපති දෙපාර්තෙමින්තුවට දැනුම් දුන්නේය.
වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතට ප්රකාරව අලියා කියන්නේ වින්දිතයෙක්ද යන්න සරිසර සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් ප්රශ්න කර සිටියේය.
මහාධිකරණ විනිසුරුවරයා එසේ ප්රශ්න කළේ අලි ඇතුන්ගේ සුභ සාධනය සඳහා විත්තිකරුවන්ගෙන් වන්දියක් අයකර දෙන ලෙස අගතියට පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීිතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්රතිචාර දක්වමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd