(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

‘විශ්වාසභංග යෝජනාව විවාදයට  ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී  එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින්  මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.