
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (11) පස්වරුවේ පැවසීය.
ජනාධිපතිවරයා ඉවත්වීමත් සමඟ තාවකාලික ජනාධිපතිවරයෙක් පත්කර මසකට පසුව නව ජනාධිපතිවරයෙක් පත්කළ යුතු බව කී කුමාර් ගුණරත්නම් මහතා ඉන් පසුව මාස හයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල සහභාගිත්යෙන් තාවකාලික අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද සඳහන් කළේය.
රට මුහුණ දී සිටින ගැටලුකාරී තත්වයෙන් මිදීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය යෝජනා හතක් ඉදිරිපත් කරන අතර තාවකාලික සම්මුති ආණ්ඩුව යටතේ හදිසියේ ගතයුතු ක්‍රියාමාර්ග ද ඉදිරිපත් කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා නුගේගොඩ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථානුකූලව එහෙම ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ කොහොමද කියන්නකෝ මහත්තයෝ? ව්‍යවස්ථාවට පිටින් කරන දෙයක් වලංගු වෙන්නේ නැහැනේ... පස්සේ කාලෙක ඒවා ඔක්කොම නීති විරෝධී කියලා නඩු දාන්න පුළුවන්.. ලෝකයේ කවුරුවත් එකඟ වෙන්නේ නැහැනේ.
මෙම පක්ෂයේ නායකත්වයට ධනවාදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ද්විත්ව පුරවැසි කුමාර් ගුණරත්නම්ට වඩා පුබුදු ජාගොඩ සුදුසු බව මගේ අදහසය.
තවත් කොටියෙක් හඬනගයි.. ප්‍රවේසම් වෙන්න. ඉතිහාසයේ රජවරුන් තුන්වරක් විටින් විට පාවාදුන්නේ අපේ අයමයි.
මුලුමහත් රටේ ජනතාව විතරක් නෙවෙයි, පිටරට වල ජීවත්වෙන ලාංකිකයින් පවා එක හෙළාම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. දූෂිත රාජපක්ෂලා අද ලෝකෙම අපකීර්තියට ලක්වී හමාරයි.
පිටරටවල පුරවැසියන්ට ඕන පාලකයින් අපේ රටට අවශ්‍ය නෑ...
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගිය එක ගෘෘප් එකක්. මිනිස්සුන්ට බල පෙරේතයින් ඇඳිනගන්න පුළුවන් අවස්ථාවක් මේක.