(මුදිතා දයානන්ද )
ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25ත් 30ත් අතර වන බවද එම වාර්තාවේ සඳහන් වේ.
එම විගණන වාර්තාවට අනුව අදාල අධිආරක්ෂිත හා අනුරූප රථවල වටිනාකම අධික වීම නිසා රක්ෂනය වෙනුවෙන් වාර්ෂිකව එක් වාහනයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවේ.
එම අධික පිරිවැය සළකා රක්ෂණය කර නැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණන්දීමේ නිලධාරී විසින් විගණකාධිපති වෙත දැනුම් දී තිබේ.
රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බවද එහෙත් එසේ සිදුකර නොමැති බවද එම වාර්තාවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් ද්විත්ව ඉරි කපාගෙන වාහන ධාවනය කරන සැටි පෙන්නන්නේ නැතිද? එක රටක්, එක නීතියක් කෝ?
කොපමණ කාලයකට පෙරද කියලා මතකයේ නැහැ. නමුත් වාර්ෂිකව ආදායම් බලපත්‍ර නිකුත්කරන අවස්ථාවල රජයේ වාහන සඳහා ගත්තේ ආයතන ප්‍රධානියා හෝ බලයලත් නිලධාරි කෙනෙක් අත්සන් කළ ආකෘති පත්‍ර හා ඉල්ලුම් පත්‍රය පමණයි.. ඒ කාලයේ රජයේ වාහන සඳහා රක්ෂණ සහතිකය ගත්තේ නැහැ. කොහොම වුණත් පළාත් සභා ඇතිකිරීමට පෙර රජයේ වාහන සඳහා රක්ෂණ සහතික ගත්තේ නැහැ. ගාස්තු අයකළේ නැහැ. ඒත් සංස්ථා හා මණ්ඩලවලට ඒක අදාල වුනේ නැහැ. හරියට ලංගම සඳහා දුම් සහතිකය නොගන්නවා වගෙයි...
ඕක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. රටේ මහ එකම නීතිය නවනකොට අනිත් ආයතන, මිනිස්සු ගැන කවර කතාද?
රුපියල් කෝටි 25ත් 30ත් අතර වටිනාකමක් ඇති වාහනවල යන්න තරම් වටිනා එවුන් ඔය කාර්යාලයේ ඉන්නවද.?
ජනාධිපතිත් හොර පාරෙන් වෙනකොට වාහන ගැන කුමන කතාද ?
නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ නේද?