(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන්  ආණ්ඩුව සමග තවත්  ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නැතැයි ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියයට 51 කින් අඩු කර තිබෙන මොහොතක ඔවුන්ගේ පෝෂණ, සෞඛ්‍ය සහ මානසික තත්වය කඩා වැටී තිබෙන මොහොතක ඒ  වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් හඬ නඟමින්  සාමකාමී අයුරින් උද්ඝෝෂණය කර එය අවසන් කරන මොහොතේනිරායුධ සාමකාමී කාන්තා පිරිසකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බව ද අමරසූරිය මෙනවිය කීවාය.

පත්වෙලා ඉන්න පොලිස්පති ආණ්ඩුවේ බලධාරීන් සතුටු කරන්නට නිරායුද සාමකාමී කාන්තා පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි කී මන්ත්‍රීවරිය එක අතකින් ආණ්ඩුවේ හෙලුව ජනතාවට පෙන්නන එක ගැන සතුටු විය යුතුයැයිද පැවැසුවාය.