2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත්තේ ඇයයි. රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපණය සඳහාද ඉන්පසු දායක වූ ඒ සුරූපිනිය ෆේත් ලෑන්ඩර්ස්ය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ රැකියාවේ නියුතු ෆේත් පසුගියදා යුගදිවියට පිවිසියාය. ඇගේ අතගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වන ගයාන්ය. ෆේත්ගේ හැඩකාර අලූත් ජීවිතයේ තොරතුරු සඳහන් වන්නේ මෙලෙසිනි. ෆේත් කොහොමද අලූත් ජීවිතය අලූත් ජීවිතය සුන්දරයි. ගයාන් ගුවන් නියමුවරයෙක්. ශ්‍රී ලංකන් ගුවන් සේවා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධව දෙදෙනාම කටයුතු කිරීම නිසා සතුටුයි. කොහොමද හමුව ඇතිවුණේ? අපි දෙන්නම ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වී වසර හත අටක් වෙනවා. එහිදී දැන හඳුනාගත් අවබෝධය අන්තිමට කෙළවර වුණේ විවාහයෙන්. ඔහු ප‍්‍රකට ව්‍යාපාරික පවුලකට අයත් කෙනෙක් නේද? අපි එහෙම කියමු. ඔහුගේ පවුලේ විස්තර කිව්වොත්? ගයාන් ඉගෙන ගත්තෙ රාජකීය විදුහලෙන්. අම්මා තාත්තා සහ එයාගෙ නංගි පවුලේ උදවියයි. ඔබගේ පවුලේ කවුද? දෙමාපියන්ට අමතරව අක්කලා දෙන්නා සහ මම. ෆේත් 2008 රූ රැජින වීමෙන් පසුව ඔබ ක්‍ෂේත‍්‍රයේ ජනප‍්‍රිය වුණේ වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ අංශයට සම්බන්ධව සිටි නිසයි. දැන් ඒ අංශ වලින් ඈත්වෙලාද? ඇත්තටම විවාහයට පෙර ඉඳලම තමයි ඒ අංශයෙන් ඉවත්ව සිටින්නේ. ඒ අවස්ථාවලට අමතරව ඔබට රඟපෑම සඳහාත් ආරාධනා ලැබුණා. නමුත් ඒ සියල්ල වෙතින් ඈත්වීම ඔබ දකින්නේ? මම හිතන්නෙ ජීවිතේ කියන්නෙ එක්දෙයක් නැතිනම් එක් විෂයකට විතරක් සීමා වූ අංශයක් නෙවෙයි. සමහර වෙලාවට අපට ජීවිතේ සමහර දේවල් දිගටම කරන්න බැහැ. අද මම බිරිඳක් ලෙස දැරිය යුතු වගකිම් සහ යුතුකම් වටහා ගැනීමට උත්සාහ ගනිමින් ඉන්නෙ කිව්වොත් හරි. ඒ නිසා ඒ දේවල් නොලැබුණා කියලා මට දුකක් නැහැ. ඊට වඩා හොඳ දෙයක් මට ජීවිතයට ලැබිලා තියෙන්නෙ. මම ඒ ජීවිතයට ගරු කරන්න ඕන. විවාහ ජීවිතේ කොහොමද දැනෙන වෙනස? තවම මාස දෙකයිනෙ. අපි දෙන්නා දෙපැත්තෙම ගෙවල් දෙකේ සිටින නිසා ගෙවල්වල අය හැමදේම සම්පාදනය කරනවා. ඉතින් අපි දෙන්නගේ අලූත් ගෙදරට ළඟදීම ගියාම මට මීට වඩා වගකීම් දරන්න වේවි. ඔබගේ විවාහ උත්සවය පැවැත්වූ ආකාරයත් හරි අපූරුයි. ඒ මතකය මොහොතකට සිහිපත් කළොත්? මම හිතන්නේ විවාහය කියන්නෙ සුන්දර මොහොතක්. ඒ මෙහොතේ සිදුවීම් සැමදාටම සදාදරණීයයි. මතකයේ රැඳෙන බොහෝ අංග සමගින් අපි උත්සවය පැවැත්වුවා. එක් අවස්ථාවක නෑදෑ පිරිවර අප දෙන්නා සමග ගමන් කළේ ඩබල් ඩෙකර් බස් රථයෙන්. මේ වගේ බොහෝ සුන්දර සිදුවීම් එහි තිබුණා. නිරූපණ කටයුතු වලින් ඔබ සම්පූර්ණයෙන්ම ඉවත්වෙලාද? මම හිතන්නෙ අපි ඉගෙන ගත් දේ සමාජයට ලබාදෙන්න පුළුවන් නම් හොඳ දෙයක්. ඒ නිසා ආධුනික නිරූපණ ශිල්පිනියන්ට වෘත්තියක් ලෙස එය ඉතා නිවැරදිව පවත්වාගෙන යා යුතු විදිය ආදිය ගැන වටහා දෙමින් තිරය පිටුපස සිට කාර්යභාරයක් කරන බව කියන්න පුළුවනි. රූ රැජින තරග සඳහා තරග කරන අයට උපදෙස් සහ පුහුණුවීම් ලබාදීමටත්, විනිශ්චයටත් දායක වෙනවා. ඉදිරි ජීවිතේ කොහොමද සැලසුම් කරල තියෙන්නෙ? අපේ අලූත් ගෙදරට යාම මූලික අරමුණයි. ගයාන් කොහොම කෙනෙක්ද? ම්... හරිම හොඳයි. රැකියාව වගේම කළ අනෙකුත් දේ හරියට කළ නිසා ඒ ජනප‍්‍රියත්වය හොඳටම ඇති. දැන් සුපුරුදු පරිදි සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න කියලා එයා කිව්වා. මාත් ඒකට කැමතියි. ඉන්පසු අපි තොරතුරු විමසුවේ ගයාන්ගෙන්... ගයාන් අපි කැමැතියි ඔබගේ බිරිඳ ගැන යමක් පවසනවා නම්? ඇත්තටම මම නිවැරදි තේරීමක් කළා කියලා හිතෙනවා. කාන්තාවකට තිබිය යුතු සියලූ යහපත් ගුණාංග ඇය සතුයි. ඒ ගැන මට හරි සතුටුයි. ඒ බව වටහාගත් නිසා තමයි ෆේත්ව බිරිඳ ලෙස තෝරා ගත්තෙත්. ගයාන් මේ ගුවන් නියමු ජීවිතේ කොහොමද? ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මම ආසා කළේ ඒ අංශයට. මම ඉතාමත් සතුටින් එය කරන්නෙ. ලෝකයේ කීප දෙනෙකුට විතරක් ලැබෙන වරමක් වැනි අවස්ථාවක්. ඒත් මම මෙය ආස්වාදය කරන්නේ රැකියාවකට වඩා ජීවිතේ ලබන සුන්දර අත්දැකීමක් ලෙසයි. ඒ නිසා වඩාත් තෘප්තිමත්ව මේ රැකියාව කරන බව කියන්න පුළුවනි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්‍ෂේත‍්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ෆේත්