බිමල් ශ්යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි
පොලිස් නිලධාරීන් භාරයේ සිටි සැකකරු මියයාම සම්බන්ධ සිදුවීම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති (බස්නාහිර පළාත) විමසනතුරු ඒ සම්බන්ධව කිසිදු තොරතුරක් දැනුම් නොදීම තුළින් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි පවසමින් හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකගේ ෙෙ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.
හෝමාගම මුලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් භාරයේ සිටි කිරිවත්තුඩුව මූණ මලේවත්ත , පදිංචිව සිටි පැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර යන සැකකරු පොලිස් භාරයේ ඉකුත් 25 වෙනිදින සිටියදී මිය යාම සම්බන්ධ සිදුවීමේදී සැකකරු සිරමැදිරියේ රඳවා ගන්න තැබීමේදී, එම සැකකරු සම්බන්ධව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි විමර්ශන කටයුතුයි මොනවාදැයි යන්න නිශ්චිත ලෙස නියෝග හා උපදෙස් ලබා දී සැකකරුගේ තත්වේ පරීක්ෂාකර අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිවව යොදා ඇද්ද යන්න අධ්යයනය කර එම සිදුවීම සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකිරීම තුළින් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි එම ලිපියේ සඳහන් කර ඇත.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමට ප්රධානම හේතුව මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමාගම ලෙස රාජකාරී කළ ඔබගේ දුර්වල අධීක්ෂණය සහ වගකීම් විරහිත ක්රියා කලාපය සහ පොලිස් අත්අඩංගුවේ අනීතික ලෙස පුද්ගලයන් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හෝමාගම පොලිසි ස්ථානයේ නිලධාරීන්ට ඉඩ ප්රස්ථාව ලබාදීමෙන් මෙම බරපතළ සිදුවීම සිදුවීමට ඉඩ සැලසීම හේතුවෙන් ස්ථාන භාර නිලධාරියා වශයෙන් තම රාජකාරිය පැහැර හරිමින් ශ්රී ලංකා පොලිස් නියෝග ඒ 07 බි පරිශිෂ්ඨයේ විනය සංග්රහය යටතට ගැනෙන වරදවල් සිදුකර ඇතැයි එහි සඳහන්ය.
අප කීර්ති දායක හැසිරීම, රාජකාරිය පැහැර හැරීම, හා බරපතල විනය කඩ කිරීම ආදී වශයෙන් පොලිස්පතිවරයා විසින් වැඩ තහනමට ලක් කර නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd