( තිලකරත්න දිසානායක.)
ගම්පහ ප්‍රධාන පාසලක ගුරුවරයකු හංසගිරි පාර නිවෙසක සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් උපකාරක පන්ති පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට සහභාගිවූ සිසුවියන් දෙදෙනකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඇතිවූ රෝග ලක්ෂණ මත එම සිසුවියන් දෙදෙනාට සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී ආසාදිත තත්ත්වය තහවුරුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අනුව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත එම උපකාරක පන්තියට සහභාගි වී ඇති සිසු සිසුවියන් 15 දෙනකු සහ පන්තිය පැවැත්වූ බවත් කියන ගුරුවරයා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ගත් බවත් ඉදිරි දිනකදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බවත් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මෙලෙස උපකාරක පන්තියක් පැවත්වූ ගුරුවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර රහසින් පැවැත්වූ ටියුෂන් පන්තියට ගිය සිසුවියෝ දෙකකට කොරෝනා
සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:06 AM
තනියෙන් නිවන් යන්න ගිහින්
Pasan Sunday, 09 May 2021 02:04 AM
කරන්න දෙයක් නැහැ.
ranjith Sunday, 09 May 2021 03:18 AM
කොරෝනා අස්සේ මුදල් තණ්හාව.
anula Sunday, 09 May 2021 06:58 AM
ඇයි අනේ මෙච්චර මෝඩ.?