
(යොහාන් භාසුර)
ඉන්දියාවේ කේරළයේ විජින්ජම් වෙරළ තීරයේදී හෙරොයින් කිලෝ 300 ක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත‍්‍රාවක් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සමඟ ඉන්දීය වෙරළාආරක්‍ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම යාත්රාවේ තිබී ඒ.කේ. 47 රයිෆල් 5 ක් සහ මිලිමීටර නවය පතොරම් 1000 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.
හෙරොයින් තොගය පැකට් 301 ක් ලෙස යාත‍්‍රාවේ ජල ටැංකියේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර එම සෑම හෙරොයින් පැකට්ටුවකම පියාසර කරන අශ්වයකුගේ රූපයක් සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම හෙරොයින් සහ ආයුධ තොගය ඉරානයේ චබාහාර් වරායෙන් ගෙනවිත් ලක්ෂීවීප් අසළ මුහුදුදේදී ‘රවිහංසි’ නැමැති බහුදින ධීවර යාත‍්‍රාවට මාරුකර ඇති බවත් යාත‍්‍රාව චෙන්නායි වෙරළාආරක්‍ෂක බලකාය බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් හය දෙනා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් මාධ්‍ය ප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබ`දව මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර නොමැති බවයි.
(යොහාන් භාසුර)
ඉන්දියාවේ කේරළයේදී හෙරොයින් කිලෝ 300 ක් සහ ගිනිඅවි තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් සහ පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙම යාත්රාවේ තිබී ඒ.කේ. රයිෆල් වර්ගයේ ගිනිඅවි සහ පතොරම් විශාල සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් කියයි.
පොලිස් මාධ්‍ය ප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර නොමැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම දන්නවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට මුහුද පාවිච්චි කරනවා කියලා. නමුත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. බෝට්ටු ඕනෑම වෙලවක නියාමනයක් නැතිව මුහුදට යනවා, එනවා. ඇවිත් ඕනෑම තැනක නතර කරන්න පුළුවන්... ගිය ආණ්ඩුවෙන් GPS උපකරණ සවිකරන්න යෙදුණා. ලොකු මුදලාලිලා එකතුවෙලා කඩාකප්පල් කරා. ඉතින් කොහොමද පාලනය කරන්නේ...?
තව ටිකකින් කතාව ගොතලා මාධ්‍ය සාකඡාවක් තියයි. කට උල්කරලා ලස්සන වචන දාලා...
මුළු ඉන්දියන් සාගරයටම පිළිලයක් වී ඇති ආයුධ සන්නද්ධ ලාංකික මුහුදු ආරක්ෂක මාෆියා කල්ලිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව රහසක් නොවෙයි. ඔය සොයාගත් ආයුධ ගැන නිසි විමර්ශනයක් කළ යුතුයි. ඉන්දියාවේම නඩු අසා මහා මොලකරුවන්ව සොයා ගැනීම තමයි කළයුත්තේ. ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමෙන් කිසිම ඵලක් නැහැ. බැරි වෙලාවත් ඔය ජාවාරම් කරුවන්ව ලංකාවට එව්වොත්, නිදොස් කොට නිදහස් කිරීමට අපේ රටේ ගරු අධිකරණයට මහා දවසක් යන්නෙත් නැහැ.
පොඩ්ඩක් ඉවසන්න. තාම කතාව ලියනවා. නාටකය පිටපත් කරලා නළු නිළියන් හොයලා ගානට මාධ්‍ය සාකච්ඡාව තියයි. නිෂ්පාදක අධ්‍යක්ෂක බේරලා තේ අදින කොල්ලාව වැරදි කාරයා කරලා...
දැන් ලංකාවේ ජාත්‍යන්තරව ප්‍රසිද්ධයිනේ... කුඩු ව්‍යාපාරයෙන්...