(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස ඉකුත් බදාදා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි පවසා ඇති ඔවුන් එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට ඇත.
එහිදී කිහිපදෙනකු පෙන්වා දී ඇත්තේ තමන්ට ගම් ප්‍රදේශවලට පවා යාමට හැකියාවක් නොමැති බවය.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතුවලට සහාය සහය දක්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කර නැති බවද දැනගන්නට ඇත.
මේ අතර,කැබිනට් හෝ රාජ්‍ය ඇමතිධුර හිමි නොවීම සම්බන්ධයෙන්, හිටපු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක්ම කලකිරීමට පත්ව සිටින බවදදැනගන්නට තිබේ.
COMMENTS
හුඟක් අයට දැන් අතමිට හිඟවෙලා වගෙයි මට පෙනෙන්නේ. පවු අනේ...! කොහොම කාලා බීලා හිටපු අයද?
පගාව සම්පූර්ණයෙන් ගන්න බැරිවෙන්න ඇති...
අම්මට සිරි අසව් අසව් තනතුරු ඉල්ලන්නේ "ඒ කාලේ කරපු ජනතා සේවය ඉවර කරගන්න බැරි වුණු හින්දලු - ඒ හින්දා ගමට යන්න බැරිලු...!! ගොබ්බසේන මේ වගේ සත්ගුණවත්, පරහිතකාමී තනතුරු නොදීම ජනතාවගේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමක්.. ඒ හින්දා මේක ඉක්මණටම දෙන්න ඕනෑ...!!! ඔබලාටත් අපි කියන්නේ ඉක්මණින් තනතුරු අරගෙන ගමට එන්න... අපි පුලපුලා ඉන්නවා... පිළිගන්න (අර ඒ කාලේ මොනරාගල හාදයා බහුජාතික කම්පැනි පිළිගත්තා වගේ...)
ඌරන්ට ජරාව කන්නේ නැතුව ඉන්න අමාරුයි...!
අනේ පව් දෙයියනේ... පොඩි එවුන්ට දැන් කන්න නැතිලු. ඔයාලා ඔය තරමට වැඩ කළානම් මේක සුරපුරයක් වෙන්න එපායෑ...
වැඩ කරන්න තනතුරු වාහන ලැබෙන්නම එපායෑ. එනකොටත් කිව්වේ එහෙමද? මේක හැදෙන රටක් නෙවෙයි, හදන්නම බැරි රටක්..!
අනේ පව්...!
රට මේ තත්වයට පත්කරපු නන්දසේනත් දැන් කලකිරීමෙන් වගේ...
මේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය නායකයෙක් මුළු ලෝකෙම නැතිව ඇති...
රට තවත් අගාධයට ඇද දමන්නද?
පේනවද මෙයාලාට තියෙන ප්‍රශ්න?
මිනිස්සු... මේ ගොල්ලන්ගේ ගෙවල් ගිනිතිබ්බේ ගෙදර නැතිවෙලාවෙනේ...
පුදුම දුකක්නේ දැන් මේ අයට අපි ගැන ඇතිවෙලා තියෙන්නේ. ඔයාලා මෙච්චර කාලයක් රටට කරපු දේ මදිද. පාරට බැහැපුවාම පේනවා නේද ඒක. අයෙත් හිතන්නවත් එපා තනතුරු ගන්න. දැන් කරපු ඒවගේ විපාක විදින්න වෙයි. මෙච්චර විනාස කරපු රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. රජයක් නැතිව නිකන් තිබුනානම් මේ රට සුරපුරයක්. පෙර රජවරු මේ රටට අවශ්‍ය හැම දෙයක්ම සම්පාදනය කරලා තිබුනේ මුන් ඒවා කාබාසිනියා කෙරුවා. දැන් මිනිස්සුන්ට කන්නවත් නෑ. හාල් හිගාකනවා පව් ශ්‍රීලංකා අපි.
බඩගිනි වෙලාද? ගරු කටයුතු මන්ත්‍රීතුමන්ලාට...? එන්නකෝ ගම්වලට... කට්ටිය කන්න බොන්න දෙන්න... බඩගින්නේ ඉන්නේ... බලයට පත්වූ කුහක බයියනි.., ඔහෙලාට දැන් සැපද? සතුටුයිද?