
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තුවේ වාහනයක් අම්පාර ප්‍රදේශයට නිතර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කළ සොයා බැලීමකදී මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ප්‍රධානියා පසුගිය වසර දහයේදී සිය නිල බලය පාවිච්චි කරමින් වාහන දෙකක් පරිහරණය කර ඇති බවටත් සිය වාහන වෙනුවෙන් සීමාවකින් තොරව ඉන්ධන පාවිච්චි කර ඇති බවටත් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු හෙළිවී ඇත.
පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරුන් සහ මහ ලේකම්වරුන් පසුගිය වසර දහයේදී වාහන සහ ඉන්ධන පාවිච්චි කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.
මෙම විමර්ශනයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් පාවිච්චි කරන ලද වාහන සහ ඉන්ධන සම්බන්ධයෙන් තොරතුරු රැසක් දැනටමත් අනාවරණයවී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
ඔය වාහනය නිල බලයෙන්ම අදාළ ලොක්කාට හිමියි නම් ඒ වාහනය පුද්ගලික ගමන් එක්කටත් එක්ක නම් දීලා තියෙන්නේ මොකක්ද කරන්නේ?
මේ අමු අමුවේ ජනතාවගෙ බදුමුදල් අවභාවිතා කිරීමක්. මේවා හෙව්වා වගේම, කෙටිකලක් ඇතුලත නැවත අයකරගැනීමට සහ රාජ්‍ය දේපළ, මුදල් අවභාවිතා කිරීම් නතර කිරීමට පුද්ගලික දේපළ කෙටිකලක් ඇතුලතරාජසන්තක කිරීම වැනි නීති කඩිනමින් සම්පාදනය වෙන්න ඕන. අර අනිවාර්යය නිවාඩු ඇරලා බන්ධනගරවෙලා ඉන්න හිටපු පොලිස්පතිතුමාගේ නමට කිසිදෙයක් නෑලු. ඒ ගැනත් අවධානය යොමුකරමින් තමයි නව නීති-රීති සම්පාදනය වෙන්න ඕන. මොකද, රට ගැන කිසිම හැඟීමක්, කැක්කුමක් නැති, මෙවැනි වංචා දුෂණවලට ආවඩන සුළුතරයක් තාමත් අපි අතරම ඉන්න නිසා...
යෝගා වර්නන් වෙලා…..!