IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු

සිතුම් චතුරංග 

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා  වරෙන්තු නිකුත් කළේය.

සිය නිල රථයෙන් 2011 වසරේ මාර්තු 30 වැනිදා වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අධිචොදනා ලැබ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට ඔහු විසින් දුරකථන ඇමතුම් ලබාදී පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් බලපෑම් කිරීම පිළිබ`දව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ අනාවරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළේය.

හිටපු මන්ත‍්‍රීවරයා තම පෞද්ගලික කටයුත්තක් සඳහා මැදවච්චිය සිට සෙට්ටිකුලම මැණික්ෆාම් ප‍්‍රදේශයට ගමන්කරමින් සිටියදී තම ලියාපදිංචි නොකළ ජිප් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව සෙට්ටිකුලම රෝහලෙහි තාප්පයේ ගැටී රියදුරු අසුනට වම්පස සිටි සැරයන්වරයා වූ අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන්  ජි.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය .

 



අදහස් (0)

හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site