(සුජිත් හේවාජුලිගේ)

කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා  සහ  වාහන සඳහා  ඩීසල් ණයට   සපයා ඇතත්  ඒ  වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක්  මෙතෙක්  අය කර ගෙන නැතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර  හැඳල දික්ඕවිට වරායේ  උතුරු පර්යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී සිදු වූ ඉන්ධන කාන්දුවේ පාඩුවද  අදාල ආයතනය වෙතින් අය කර ගැනීමට මෙතෙක්  කටයුතු කර  නැතැයි   එහි දැක්වේ  

කාන්දුවෙන් ඉන්ධන ලීටර් 2700ක් පමණ නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය  පවසයි

ආයතනය මෙම බට සවි   කර ඇත්තේ 2019 වසරේදීය

මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024  වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.