
(මනෝප්‍රිය ගුණසේකර සහ ලසන්ත නිරෝෂණ)
මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.
නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම් කිරීම ඉතාමත් බරපතල කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.
රත්නපුර පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට මෙලෙස දඬුවම් නියම විය.
මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොක මල්ලී” නමැත්තා අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
COMMENTS
ගොඩක් හොඳයි.
මේ හාදයා ඒ.එස්.පී. කාලේ නේද මිනිහෙක්ව ගෙදරක ඉහළ මහලයෙන් පහළට තල්ලුකරලා ඝාතනය කළේ? මම හිතන්නේ අපේ පිටුවේ අයට අමතක නැතුව ඇති.. ඒවගේ කළු ඉතිහාසයක් තිබෙන ඒ එස් පී කෙනෙක් කොහොමද එස් ඩී අයි ජී කෙනෙක් වුනේ? මයිනාගේ අනුහසින් නේද?
එළකිරි... ඒත් චොකා නිදහස්ද? එයාව මරන්න එපැයි, මෙයාව හිරේ දානවා නම්...!
දැන් චොකාමල්ලි පාර්ලිමේන්තුවේ ලලිත් ජයසිංහ හිර ගෙදර, හොඳ පදම, අනෙකුත් වැරැදි කරන, පගා ගහන රජයේ නිලධාරීන්ටත් මේ විදිහට නඩු දාලා තීන්දු දෙනවා නම් මේ රට ඉබේම දියුණු වෙනවා.
ආණ්ඩුව මාරුවුණොත් දේශබන්දුටත් මේක වෙන්න පුළුවන්.
ඔයා කිව්වාට දේශපාලඥයින්ම එකතුවෙලා මෙයාව එළියට ගනියි. ඔන්න බොරුද බලන්න තව ටික දවසකින්...?
මේ රට නම් මහ පුදුම දේ සිදුවෙන මහ පුදුම රටක්. වෙන කිසිම රටක මේ වගේ දේවල් වුණා කියලා හෝ වෙනවා කියලා අහලාවත් නෑ...
කරුණා කරලා හරියට ගණන් කරන්න දන්නා කෙනෙක් කියනවද 225න් හරියටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ගාන කියද හිරේ ඉන්න ඕන ගාන කීයද කියල. එවිට ගමත් රටත් දියුණු මගට....
මේ වගේ වැරදි කරන හැම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ම හිරේට යැව්වොත් අපිට පොලිසියේ ඉන්න එක පොලිස් නිලධාරියෙක්වත් නැහැ.
මේ පාඩම ඉන්න මහ අය ඉගෙන ගනිව්...
සිංහත් නෑ, ජයත් නෑ...
සුපිරි නඩු තීන්දුව
දෙන්න ගිහින් ඉල්ලගෙනම කාලා... මෙයා හිරේ... මිනී මරපු එකා පාර්ලිමේන්තුවට
පොලිස් කාරයෙක් හිරේට ගියාම නියම දඩුවම එයාට දෙන්නෙ හිරකාරයො එකතුවෙලා.
තමන්ට ලැබෙන තනතුරු සහ වරදාන වලට නැමිලා කොන්දේසි විරහිත දේශපාලුවන්ට කඩේ යන පොලිසියේ විතරක් නොවෙයි රාජ්‍ය සේවයේ හැම නිළධාරියටම හොද පාඩමක් මේක, ඉදිරියේදි බලයට පත්වෙන කවර රජයකින් හො මේවැනි නිළධාරින්ට නිසි දඩුවම් ලබා දෙනු ඇත.
මට පෙනෙන විදිහට කීප වාරයක් එකම දේශපාලකයෙකුට ඡන්දෙ දෙන එක හොඳ නැහැ. උපරිම වසර 07යි.
මේක ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත්ම හොඳයි .දැන් පොලිසියේ ඉන්න හොඳ පාලු එහෙයියන් වගේ වැඩ කරනා නානාප්‍රකාර පොලිස් තනතුරු දරන එවුන්ට . ඉගෙන ගන්න
කදිම පුවතක්
දේශපාලකයන්ට පන්දම් අල්ලන රජයේ නිලධාරින් හැමෝටම හොඳ පාඩමක්.
ඉතාමත් හොඳ නඩු තීන්දුවක් .සමාජයට ආදර්ශයක් ,කොන්ද පන නැති කමට කරගත්තු දේ
තීන්දුව නම් මරු.ඩී.අයි.ජී නම් හිරේ. සදහටම හිරේ ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ පාර්ලිමේන්තුවේ ? .
ඩී.අයි.ජී ට විතරක් නෙමෙයි.මොහුට බලපෑම් කරපු කාලකන්නි දෙස්පාලුවා වත් අවුරුදු 5 ක් යවන්න ඕනේ.ඒක අඩුපාඩුවක් මේ තීන්දුවේ.මුලින්ම දඬුවම් ලබාදෙන්න ඕන දේශපාලුවන්ට
මේ පුද්ගලයා යන්නේ හිරේටද, එහෙම නැත්නම් හිර ගෙදර රෝහලටද යන්නේ කියලා කාටද කියන්න පුළුවන්.. හිරකාරයින්ව ලෙඩ්ඩු කරන දොස්චොරාලා ඉන්න ලෝකයේ එකම රට... කාටද ආඩම්බර..?
අනුර කුමාරත් හිරගෙදර යැවිය යුතුය
ගෙදර තමයි