
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත ප්‍රධානියකු මැදිහත් වීමෙන් ඔහුට මෑතකදී නිකුත්කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමේ අරමුණින් එම ප්‍රධානියා හිටපු අපේක්ෂකයාට මෙසේ උදව් කර ඇති බව දැනගන්නට ඇත.
හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මෙම ඩොලර් අධිකරණ ක්‍රියාදාමයකින් පසු නැවත ඔහුට හිමිව තිබිණැයි කියති. ඒ අනුව එම ඩොලර් ලබා ගැනීමට පසුගිය දිනෙක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී වේයන් කා විනාශ වී ඇති බව දැකගන්නට ලැබී ඇත.
අපේක්ෂකයා එම ඩොලර් අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට ඒ ප්‍රධානියාගෙන් සහාය ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුව බව පැවසේ.
හිටපු ජනපති අපේක්ෂකයාගේ මෙම ඩොලර් සිද්ධිය දේශපාලන පිටියේ බොහෝ ස්ථානවලද පසුගිය දිනවල කණින් කොනින් ඇසුණු බව වාර්තාවේ.
COMMENTS
ඔය එන්නේ ... ආණ්ඩුව පැත්තෙන් වේලාව දීලා තම පක්ෂයේ නායකයයට ප්‍රහාර එල්ල කලේ ඇයි... දූෂිත දේශපාලකයන් එළවා දමමු කියලා තමන්ටම කියා ගන්නවා.
මේ මිනිස්සු බලේට ඉන්නේ රට හදන්නද? ලැජ්ජයි ඡන්ද ව්‍යාපාරයත් ජාවාරමත් කරගන්න. දිනුවත් පැරදුණත් මේ මිනිස්සු ගොඩ
මේ වගේ වංචනිකයෝ ගැන තොරතුරු හෙඵිකිරිම ජන මාධ්‍ය වගකීමක් රටේ ජනතාව මුලාකරන මිනිස්සු ගැන
සල්ලි නෑ කියලා පසුගිය දවස්වල හිඟා කෑවා නේද මිනිස්සුන්ගෙන්......
නමක් ගමක් නෑ...එකා මොකාද කියලා පාඨකයා හිතා ගන්න ඕනේ...කොන්ද පණ නැති ලංකාදිපය ...
රනිල්ගෙද
ඇයි අධිකරණ ක්‍රියාදාමයකුත් තිබුණා නම් මිනිස්සු අන්දන මේ අධමයින්ගේ නම කියන්න බැරි....
ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලබෙන්වූ මුදල් පිලිබදව විනිවිද භාවයක් තිබිය යුතුවේ. සියලු පරිත්‍යාග සදහා බදු අයවිය යුතුවේ. ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයාට ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් ලැබුණු බවක් හෝ සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබෙනා වූ බවක් කිසිවකු නොදැන රහසක්ව පැවතීමට තිබු අවස්ථව වෙයන් විසින් වළකා ඇත. වෙයන්ට කළහැකි වගකීම ඔවුන් ඉටුකර ඇත
අමුතු රහස්‍ය භාවයක් ලංකාවේ තියෙන්නේ. අවාසනාවන්ත ලෙස අනතුරු වුණ, මියගිය මිනිස්සුන්ගේ නම්,ගම්, රෑප එක්ක දානවා. ඔවුන්ගේ ළඟම අයට වසර ගණනාවක් වේදනා ගෙන දෙන්න. ප්‍රසිද්ධ බලවත් අයගේ විස්තර දානවිට පුද්ගලිකත්වය ඉහළින් බලනවා. මම ඉන්න රටේ මේක අනිත් පැත්ත.
මෙම පුද්ගලයා කුකුල් කෙන්තිකාරයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන අතර ජවිපයේ ලනු කා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදී මේ වනවිට සජබයේ සිට රනිල් මහතා ලඟට කරණමක් ගැසීමට සැරසෙන පුද්ගලයකු බවට හැගෙන්නේ මට විතර ද!
මෙච්චර දෙයක් කරපු ඔය කියන ජනාධිපති අපේක්ෂකයාගේ නම දාන්ඩ බැරි මොකද?
එදා නාගානන්දට ඩොලර් දීපු මේ රටේ ඉන්න අය තවම දුක්වෙනවා...
අපේ සරත් මහත්තයා නේද දෙයියනේ මේ...?
ASP ගේ වෙන්න ඇති... !
දේශපාලකයෝ විතරක් නෙවෙයි බඩගෝස්තරවාදී ජනමාධ්‍යත් ජනතාව රවටනවා. විශේෂයෙන්ම සතිඅන්තයේ.පුවත්පත්.
ඒ කියන්නේ අපෙන් බදුගහලා තරකර ගත්තු මහ බැංකුවේ සේප්පුවෙන් විනාශ වෙච්චි කෝටි 2 හමාර මේකට ගෙව්වා එහෙනම්...
හොර වැඩක්...!
ඒ වේයො කාපුවට ගෙවන්නෙත් මහා බාන්ඩාගාරේ තියෙන සල්ලි වලින්ම නේද? ඵ් කියන්නෙ මහජන මුදල්. අයි එම් එප් එකෙන් නයට ගත්තු මුදල්. මහ බැන්කු වන්චාව අංක දෙක.ඒ මදිවට සාධාරනේ කථා කරන යුක්තිගරැක නායකයා පිල් මාරු කරන්න යන්නෙත් මේ සල්ලිවලටයි මාෂල් තනතුරටයි.බලාපුවාම එයත් ඉඩි අමීන් වගේ තරු පටි වලට කෑදර කෙනෙක්. කියන කථා වැඩවලින් නැති හැඩයි
විදේශ මිනිමය හිඟ කාලේ අපේ මහබැංකු අධිපතිවරයා කිව්වා නේද එහෙම විදේශ මුදල් ළඟ තබා ගත්තොත් අත්අඩංගුවට ගන්නවයි කියලා. තවත් ලැජ්ජා නැතුව ඒකට හරියන්න අලුත් ඩොලර් දෙනවා නම් මොකක්ද මෙයාගේ තනතුරේ වටිනාකම...?
එක දෙක කරන කමයක්
අපි මෙහේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලිවලට යන කල ඇහුවම පුදුම දුකක් හිතෙනව. මේ දවස්වල තව එක්කෙනක් ඒ වගේම සල්ලි එකතු කරනව. ඒවටත් යන්නෙ ඔය කල තමයි.
නාගානන්ද කොඩිතුවක්කු. කට්ටියට සැපද ? ඉතාලී ඉන්න ගොඩක් දෙනෙක් අහු උනා නාගයාට
නමක් ගමක් නෑ...එකා මොකාද කියලා පාඨකයා හිතා ගන්න ඕනේ...
කොලේ හංගල ගැහැව්වට වටේ අයට පේනවනෙ ඔන්න හෙට තියෙයි නම