IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ඇමැති අර්ජුන එජාපයට සමුදෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

අර්ජුන රණතුංග මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බවත් එය බාරගත් බවත් පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආමන්ත්‍රණය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ලියා ඇති හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරන්නේ දැවැන්ත පරාජයක් ලැබූ පසු වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු වුවත් එවන් වැඩපිළිවෙළක් ඇතිවන  බවක් පෙනෙන්නට නැති හෙයින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොවන බව හැඟී යන හෙයින් සාමාජිකත්වයෙන් ඉවත් වන්නට තීරණය කළ බවයි.

රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්ව ගුණාංග බෙහෙවින් අගය කරන බවද අර්ජුන රණතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරයි .



අදහස් (15)

හිටපු ඇමැති අර්ජුන එජාපයට සමුදෙයි

සිල්වා Monday, 29 November 2021 08:08 PM

අලුත් පක්ෂයක් හදයි ඉම්රාන් ඛාන් වගෙ.

:       0       0

AB Monday, 29 November 2021 08:12 PM

හිටපු ඇමැති අර්ජුන එජාපයට පමණක් නොව පක්ෂ කිහිපයකට මේවන විට සමුදී ඇත.

:       0       0

chandima Monday, 29 November 2021 10:14 PM

ඒ පාර කාටද හේත්තු වෙන්න යන්නේ?

:       0       0

ගමේ එකාලා Monday, 29 November 2021 10:16 PM

මල්ලිගේ කරෙන් ගොඩ යන්න හිතාගෙන ඇති

:       0       0

Kumar (Gulf) Tuesday, 30 November 2021 12:42 AM

පළමු පියවර හරි. දැන් දෙවෙනි පියවර හරියට ගන්න

:       0       0

lal Tuesday, 30 November 2021 04:43 AM

හොරකම් නොකරනවා නම්, ඇත්ටම ඕන රට හදන්න නම් ජවිපෙ එක්ක එකතු වෙන්න. කාටවත් දෙකට නැවි නැවි ලොකුකම් බලන්නේ ඇයි?

:       0       0

මසිරිපාල Tuesday, 30 November 2021 06:49 AM

අනාගත සැලසුම් නායකයාට පමණක් කරන්න බැහැ. මෙයත් පක්ෂයේ ඉහළ තනතුරක් දැරූ අයෙක්.. එහෙනම් අඩුපාඩුවලට මොහුට වගකීම තියෙනවා. දුකේදී පිටුපාන්නේ හොඳ මිත්‍රයෙක් නොවෙයි කියලයි මම අහල‍ා තියෙන්නේ.. !

:       0       0

gunarathna Tuesday, 30 November 2021 08:19 AM

කරණමක් ගහන්න වගේ හදන්නේ... පොහොට්ටුවටද? සමගි ජනබලවේගයටද?

:       0       0

Hafeel Tuesday, 30 November 2021 08:20 AM

එදා මෙතුමාත් සඳහන් කළා පහුගිය ආණ්ඩුව සමයේ දූෂිතයින්ට දඬුවම් දෙන්න අසමත් වුණා කියලා. දැන් කියනවා පක්ෂ නායකයාගේ ගුණාංග බෙහෙවින් අගය කරනවාලු.

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 09:32 AM

බැරිද අනේ දේශපාලනයටම සමුදෙන්න...? ඒකත් මේ වෙලාවේ හැටියට රටටම කරන ලොකු උදව්වක්...

:       0       0

Bamunuarachchi Tuesday, 30 November 2021 05:46 PM

දැන් ඊළඟට කොහාටද? මට මතකයි කිව්වා එජාපයින් ගහපු කාලේ බැට් පමණක් අරගෙන ගෙදරින් එළියට බැහැලා ගියා කියලා. රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්වය බලාගන්න තිබුණා 2005 රනිල් බලයට ආවා නම්... එහෙනම් මේ වෙනකොට රට පාලනය කරන්නේ ප්‍රභාකරන්...

:       0       1

AnoWednesday, 01 December 2021 02:50 PM

එහෙම වුණා නම් කොහොමට තියෙයිද...?

:       0       0

BamunuarachchiThursday, 02 December 2021 06:16 PM

එහෙම වුණා නම් 1950 ගණන්වල වගේ දෙමල්ලු පරිපාලන සේවයේ.. රටේ හමුදාපති දෙමළෙක්... ඒ කාලේ එහෙමනේ සිංහල කොල්ලෝ කෙල්ලෝ තෝස කඩවල උළුඳු අඹරනවා...

:       0       0

SL Wednesday, 01 December 2021 10:19 AM

අර්ජුන එජාප නායක හෝ ජවිපෙ නායකයන් සමග එක්විය යුතුයි. දැනට තියෙන හොඳම වෙකල්පේ ජවිපෙ. (ආරංචි හැටියට ජවිපෙත් බිම් මට්ටමේ පගා කාරයෝ ඉන්නවා ,හිටිය , ජවිපෙ නායකයට මේවා සුද්ධ කරන්න වෙනවා )

:       0       1

Bamunuarachchi Thursday, 02 December 2021 06:20 PM

සුද්ද කරන්න? නායකයාගේ පුතා ස්විට්සර්ලන්තේ සැපට ඉන්නවා. ඒ ළමයි සැපට තියන්නේ අපේ ළමයි තාප්පවල පාප්ප ගානවා. පඩිය පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන නායකයාට සැපට ඉන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? අන්න ඒක හොයපල්ලා ඉස්සෙල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 61 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 185 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1632 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 243 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 455 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site