
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ.
නිර්පාක්ෂික පිරිසක් මීට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් ගෙන ගිය අතර මේ වන විට පක්ෂව සිටින පිරිසක් නිවස අසලට පැමිණ වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් එම ස්ථානයේ රැදී සිටිති.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පා උදෑසන සිදු කළ උද්ඝෝෂණයට සහය දැක්වීමට ප්‍රමාද වී පැමිණි කාන්තාවක්, වික්‍රමසිංහ මහතාට පක්ෂව සිදුකළ උද්ඝෝෂණකයින්ට කොටු වීම නිසා උණුසුම්කාරී තත්වය ඇති විය.
පොලීසිය මැදිහත්වී මෙම තත්වය පාලනය කර ඇයව එම ස්ථානයෙන් ආරක්ෂාකාරීව පිටත් කිරීමට කටයුතු කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව උද්ඝෝෂණය


රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වා කළ උද්ඝෝෂණය


.
කළබලය ඇති වූ අවස්ථාව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙයාලටත් ගැලවෙන්න බෑ. එක්කෝ අර්ජුන මහේන්ද්‍රන් ඕනෑ. නැත්නම් සල්ලි ඕනෑ. මෙයා වගකියන්නම ඕනෑ...
ඇඟේ සන් ක්‍රීම් ගාගෙන ඇවිත් ඉංග්‍රීසියෙන් රනිල් එපා කියපු රාසමාණික්කම්ගේ කොළඹ හතේ අයට අන්තිමට දුවන්න පාරවලුත් නැති වුණා...
මෙයා අගමැතිකමේ දිගටම හිටියා නම් රටක් නෑ. රටම පාවාදීලා තියේවි..!
මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කිරීම වෙනස් කළ යුතුයි. කවුරු හරි චණ්ඩි දෙකයි, මන්ත්‍රී කෙනෙක් සෙනග එවලා සැබෑ ජනතා මතය විකෘති කිරීම... මෙය අපේ රටේ සම්ප්‍රදායයක්.. එන අයගේ මුහුණුවරින්ම කියතහැකි කවුද නියම චණ්ඩි කියලා.
හා හා දින කීපයකට උඩදී සභානායක කිව්වා නේද? රනිල්ගේ ආරක්ෂාව තරකළ යුතුය කියලා. ඒ කියන්නේ ආරක්ෂක අංශ දැනුවත්? කොහොමද නාටකය...? පක්ෂ, විපක්ෂ දෙගොල්ලන්ම වැඩබිමේ...?
යහපාලන ආණ්ඩුව විනාශ කරලා හොරුන්ට බලයට එන්නට දීලා රට අනාථ කළා.. එයා තමයි මේ ඔක්කොටම වගකියන්න ඕනෑ.
නිර්පාක්ෂික කියලා කට්ටියක් නැහැ පුතා....
අපට එපා... කාක්... කාක්... කාක්..!!!
දැන් රට ඉවරෙටම ඉවරයි. යහ පාලනය කර සේවය අපේ අයියලාට තවම තේරිලා නෑ. මහ බැංකුව කැඩුවා කියලා හිතා ගන ඉන්නේ බැංකුව කඩලා රනිල් සල්ලි ටික ගෙදර ගෙන ගියාය කියලා. ඡන්දයක් පෙනි පෙනී පක්ෂය කඩාගෙන ගොස් ඵක්සත් ජාතික පක්ෂය නැති කල සජිත් මෙරට වැටී ඇති තත්වයට වග කිව යූතු පලමු වැන්නාය. රනිල්ගේ අගය තවම වටහා ගන්න බැරිකම කාගේ වාසනාවද? අද හැම එකෙන්ම මහා පරිමාණයෙන් හොරා කරනවා .