
(ප්‍රසාද් රුක්මල් ,සමන් පාලිත සහ නිශාන්ත කුමාර )
බදුල්ල සිට බණ්ඩාරවල දක්වා ධාවනය වෙමින් තිබූ හාල් පැටවූ ලොරියක් අද (24 ) බණ්ඩාරවෙල දික්ආරාව ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු සහ සහයක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
බණ්ඩාරවල පෞද්ගලික ගැනුම්කරුවකුට රැගෙන එමින් තිබූ හාල් ලොරියක් මෙසේ පෙරළී තිබේ.
ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ දෙන අවස්ථාවේ දී රියදුරාට රථය පාලනය කරගත නොහැකිව ලොරිය පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
හත්වලාමේ චෙච්ච දෙයක්
හොඳ වෙලාව සහල් ඉහිරුණේ නැත්තේ... එහෙම වුණා නම් බියර් ලොරිය වගේ කිරිබත් තමයි.
මටමයි වෙන්නේ... මාලිමා ආර්ථිකය.