IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙළ උරුමේ තුන් දෙනා ගියොත් ප්‍රශ්නයක්

බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්  පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයයේදී  අද (27) පස්වරු 1ට පැවැත්වීමට යයි.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා අය වැයට ඡන්දය නොදුන්නොත් පළාත් සභාවේ බලය පිළිබඳව අවදානමක් ඇති විය හැකි බැවින් අය වැය ඡන්දයේදි කටයුතු කළ ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන්  දැනුම්වත්  කිරීම සඳහා මෙම රැස්වීම කැඳවු බව එහි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා කියයි.

හෙළ උරුමයේ මන්ත්‍රී තිදෙනා ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය  ආසන තුනකට අඩු  වන අතර එයද වෙනස් කැර ආණ්ඩු පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද තොරතුරු ඇතැයි ප්‍රධාන සංවිධායක පවසයි.

අය වැය විවාදය සහ ඡන්දය දෙසැම්බර් පළමුවැනිදා සිට හතර වැනිදා  දක්වා පැවැත් වීමට නියමිතය.

 



අදහස් (0)

හෙළ උරුමේ තුන් දෙනා ගියොත් ප්‍රශ්නයක්

බණ්ඩා Thursday, 27 November 2014 10:13 AM

පාර්ලිමේන්තුවේ මහා එකාගේ ඉදල පොඩි එකා දක්වාම හොරකම් කරනවා. ජනාධිපතිතුමා පයිල් ලග තියාගෙන හොරු ආරක්ෂා කරනවා. මේ ඡන්දෙන් ඔක්කොම එලවල දාල හොරකම් කරපුවා දුප්පතුන්ට බෙදල දෙනවා නම් වෙන මොකුත් අපිට ඕනෑ නෑ. (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 27 November 2014 05:54 AM

හෙළ උරුමයට යනවා ඇරෙන්න වෙන මොනවත් කරන්න දෙයක් නැහැ, නොගින් මේ ආණ්ඩුවතුල රැදුනොත් වෙන්නේ බින්න බැහැපු මනුස්සයාට වෙච්ච දේ තමයි. (අ)

:       0       0

ධම්ම Thursday, 27 November 2014 06:11 AM

හෙළ උරුමය අයවැයට පක්ෂව ඡන්දය නොදෙනවා විතරක් නොවේ විරුද්ධව ඡන්දය දෙනවා. මොකද හෙළ උරුමයේ ප්‍රකාශන වලින් තේරුම් යන්නේ "මහින්ද" පැරදවීම නොව "ජනපති මහින්ද" පැරදවීමයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 27 November 2014 07:02 AM

අනේ සාදු, හෝදාගෙනම යන්නයි තියෙන්නේ බන්දුලගේ කට වැහෙන්නත් එක්ක (නදී)

:       0       0

සාමා Thursday, 27 November 2014 03:15 PM

හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන්න බස්නාහිර පෙරලන්න. එවිට නිකම්ම තවත් පළාත් සභා පෙරළෙනු ඇත. (නදී)

:       0       0

සේනානායක Friday, 28 November 2014 05:28 AM

මේ ආණ්ඩුව බොරුවෙන් අපිව රවටන ඉන්නේ. නොතේරෙන්නේ.දැන් ආණ්ඩුව ණය වෙන්න ඕනෑතරම් ණය වෙලා ඉන්නේ,අපේ පරම්පරා ගානකට ණයකාරයෝ කරලා.යුද්දේ කලේ යුද වියදම් තිබුණා,එත් දැන් නැ.මොනවද එ් වියදම් වලට කරලා තියෙන්නේ.අනික සංවර්ධනය කියන්නේ මේකද?අපේ තරුණ පරම්පරාව විනාශ කරලා පාරවල් හදන එකද? කුඩ්ඩෝ රජ වෙලා.හොරු වැඩිවෙලා, දුප්පතා තැලෙනවා හැම පැත්තෙන්ම.රටේ තියන හැම ගල් පර්වත ගැන පරීක්ෂණ කරන්නේ ඒවා ගණන් කරගන්නද? මේ අමන මිනිස්සුනි..රැවටුනා ඇති කියල හිතෙන්නැද්ද? එදා වේලාගන නෙමේ.අනාගතේ ගැන හිතන්න. තමන්ගේ ලේකම් අද හොරෙක්ලු.ඉන්නකම් කොයිතරම් හොද කීවද? මේකද මනුස්සකම.රැවටෙන්න එපා මිනිසුනි. (ස)

:       0       0

මහී Thursday, 27 November 2014 07:36 AM

ඔලුව උදුම්මාගෙන රටේ යහපතට වැඩ නොකලාම ඔහොම වෙනවා. (නදී)

:       0       0

මහී Thursday, 27 November 2014 07:37 AM

සුදුස්සට සුදුසු තැන දිය යුතුයි. (නදී)

:       0       0

සිල්වා Thursday, 27 November 2014 03:52 PM

රජකම් කලත් කළකම් පලදෙනවා ඕක තමයි ජීවන චක්‍රය (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 27 November 2014 11:32 AM

ගම්මන්පිල මහ ඇමැති කරමු. (ස)

:       0       0

සිරිසේන Thursday, 27 November 2014 07:59 AM

අපේ ඡන්ද හෙළ උරුමයට උරුම උණු කාලයත් ඉවරයි. මහා ජාතියට එරෙහිව විදේශ බලවේග වලට ආවඩමින් ගන්නා තීරණ තරයේ හෙලා දකිමු. (නදී)

:       0       0

බමුණු Thursday, 27 November 2014 08:02 AM

හෙළ උරුමය නොගියොත් එය අපේ කරුමය. එම නිසා වහාම යන්න. (නදී)

:       0       0

සිසිර Thursday, 27 November 2014 08:32 AM

සිරිසේන මහතාණෙනි, මේ බටහිර බලවේග සහ කුමන්ත්‍රණ කරන්නේ ඇමෙරිකාව මෙහෙට එවල මෙහෙ බලය අල්ලාගෙන ඉන්න මෙහෙ පුරවැසිකමත් නැති කට්ටියද කියල අපේ ආණ්ඩුව සොයා බැලිය යුතුයි නේද? (නදී)

:       0       0

සසංක Thursday, 27 November 2014 08:40 AM

හෝද ගෙන යන එව්වගේ ප්‍රතිපල කට්ටියට තේරෙයි දවසක. (නදී)

:       0       0

චානක Thursday, 27 November 2014 09:16 AM

හුලං බැහැගෙන යනවා නේද. එහෙනම් එ්කත් අපේ තමයි. (නදී)

:       0       0

ලක්ෂී Thursday, 27 November 2014 09:18 AM

හෙළ උරුමයට ජනාදිපතිතුමා සමග ප්‍රශ්නයක් නැත. ආණ්ඩුව ඇතුලේ ඉන්න දුෂිතයන්,මෝඩයන් පන්නන්නයි එයාලට ඕනි. එ්ක තමා අපිටත් ඕනි වෙලා තියෙන්නේ. රට යහමගට ගෙනියන්නයි හෙළ උරුමයට ශක්තිය ලැබේවා. කොටි පන්නපු නායකයාට ජනාදිපති තුමාට ජයවේවා. (නදී)

:       0       0

රේණු Thursday, 27 November 2014 09:59 AM

හෙල උරැමයට දැන් සිදුවි තිබෙන්නේ ගෙදර ගියොත් අඹු නසි මග සිටියොත් තෝ නසී වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site