IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි

ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහාය පතන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය. මෙවැනි අසැබි වෙබ් අඩවි කිහිපයක් තහනම් කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම දන්වා ඇතැයි එතෙර සිට කි‍්‍රයාත්මක වන මේ වෙබ් අඩවි ගැන තවත් තොරතුරු ගැනීම අපහසු බව එම කොමිසම කියා ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි

ishantha Friday, 25 November 2011 04:31 PM

පොඩි ලමයගේ අදහසට මාත් එකගඊ

:       0       0

මොලකාරයා Thursday, 24 November 2011 08:28 PM

ප්‍රොක්සිවලින් ඕවට යන්න පුළුවන් කියල දන්නෙ නැති අයත් ඉන්නවද?

:       0       0

කුමාරි Thursday, 24 November 2011 09:25 PM

ඒක හෙද වැඩක්

:       0       0

චන්ද්‍ර ගලපොතවෙල Thursday, 24 November 2011 09:47 PM

හෙළුවැලි වෙබ් අඩවි මම දැක තිබෙනවා. තාම හැළුවැලි වෙබ් පෙන්වනව මගෙ යාළුවෙක්. එයා ලංකාවෙ මිතුරේ එවලා තියනවා.. සොයා බලන්න....

:       0       0

සනත් Friday, 25 November 2011 02:55 AM

තහනම් කරන එක හොදයි. ඊට කලින් ලංකාවේ ඇතුලේ වෙන අපචාර, ස්ත්‍රී දූෂණ නවත්වන වැඩේ කෙරුවොත් නේද වැඩියෙන් හොද? මේවයෙ පෙනී සිටින්නේ තමන්ගෙ කැමැත්තෙන්නේ...

:       0       0

සිංහයා Friday, 25 November 2011 03:50 AM

කීයක් කියල බ්ලොක් කරන්නද ලොකේ ඔවගේ ඒව කොච්චර තියෙනවද? බොරු වැඩ

:       0       0

ලංකා Friday, 25 November 2011 08:35 AM

ලංකාවේ මේ වීඩියෝ ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ චයිනීස් ෆෝන් ආවට පස්සේ දැන් වෙන්න ඕන දෙවල් වෙලා ඉවරයි. අතීතය හරි ගස්සගන්න බැරි වුණත්, අපි වර්තමානය හරි ගස්සගත්තොත් ලස්සන අනාගතයක් තියෙයි. ඒක අපිට කරන්න පුලුවන්.

:       0       0

වරුණ ගුනවර්ධන Friday, 25 November 2011 09:01 AM

අසභ්‍ය වෙබ් අඩවි වේවා, මඩ ගහන වෙබ් අඩවි වේවා, කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කිරීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත. එවැනි කටයුතු කිරීමට මිනිසුන් පෙළඹෙන හේතු සොයා ඊට ප්‍රතිකර්ම යෙදිය යුතුය. දැනටත් බ්ලොක් කර තිබෙන සියලු දේශපාලන වෙබ් අඩවි අපි දිනපතා කිසිදු අපහසුවකින් තොරව බලනවා.

:       0       0

සමිත සිල්වා Friday, 25 November 2011 08:54 AM

මේකට හොද සිංහල කියමනක් තියෙනවා. හරියට "අතීසාරයට අමුඩ ගහනවා"

:       0       0

රුෂාන් Friday, 25 November 2011 09:51 AM

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියන්නෙ SLIIT එක නේද ? මේක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ආයතනය(ICTA) වෙන්න ඕන.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 25 November 2011 09:41 AM

ඕවා නවත්වන්න පුලුවන්ද?

:       0       0

සදරුවන් Friday, 25 November 2011 10:05 AM

හංගන්න හංගන්න තමයි වැඩිපුර බලන්නේ...

:       0       0

neatgeeth Friday, 25 November 2011 10:29 AM

ඉස්සෙල්ලාම පේස්බුක් එක වහන්න වෙයි නේද?

:       0       0

වීරකෝන් Friday, 25 November 2011 10:27 AM

අතීසාරයට අමුඩය ගහනවා වගේ වැඩක්...බොරු වැඩ කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කිරීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත.

:       0       0

anonymous Friday, 25 November 2011 10:31 AM

මේ දේ හොදයි. ඒත් පේස්බුක් වලින් අහක් වෙන්නෙ යාළුවන් අඩුකර ගැනීමක්.

:       0       0

පොඩි ළමයා Friday, 25 November 2011 11:36 AM

කාටද මේ ගොන් අදහස ආවේ. ලිංගිකත්ව මිනිසාගේ මුලික අවශ්‍යතාවයක්. දැනට හරි ලංකවේ හරි වැඩ පිළිවෙළක් සකස් වෙනවනම් ඔවා වහන්න ඔන නැ. ඉබේම වැහෙයි. එහෙම නැතිව වහන්න ගියොත් නැති ඒවා ඇරෙයි. යාලුවෝ කිව්වා වගේ අතිසාරයට අමුඩ ගහන වැඩක් තමා මේක. විධිමත් අධ්‍යාපනයක් සකස් කරන්න. ඒවාට මොලයක් නැත්නම් මේ අයටත් වෙන්නේ දවසක ඔය වගේ වෙබ් එකක පෙනී ඉන්න තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site