IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොරණ දරුවා ජේතවනාරාමයෙන් සොයා ගනී

හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඡායාරූපය - සිරි මහබෙල්ලන

horana-child-poto

ඡායාරූපය - බිමල් ශයාමන් ජයසිංහ

DSC06584

 



අදහස් (0)

හොරණ දරුවා ජේතවනාරාමයෙන් සොයා ගනී

ධන්රසික Saturday, 25 October 2014 11:04 AM

අපි පුංචි කාලේ බයුනේ ගෝනිබිල්ලන්ටයි නමුත් දැන් බයවෙන්න වෙලා තියෙන්නේ ළඟම ඥාතින්ටයි,හාමුදුරුවරුන්ටයි,අනේ මන්ද රටට මොන කලක් යාවිද කියල.ඉස්සර හොරෙන් උස්සන්නේ කරවල වාඩිවලටයි,දැන් උස්සන්නේ දුෂණය කරන්ඩයි,නිදන් ගන්ඩ බිලිපූජාවලටයි.ඔන්න ඕකුන්ටත් ආයුද ටිකක් පෙන්නන්න ගෙනියන්න. දවසකට හරි දරුවන්ව උස්සන උන්ට මහා දඩුවම් ලැබේවි.(අ)

:       0       0

අචිර Friday, 24 October 2014 11:56 AM

කමක් නෑ මහන කරන්න ගෙනියන්න ඇති (නදී)

:       0       0

සේන Friday, 24 October 2014 10:45 PM

බුදුන්වහන්සේටත් නන්ද කුමරායටත් අපහාස කරන්න එපා. නන්ද කුමරයා එක්ක ගියේ සසරෙන් එතර කරන්න මිසක් මේ වගේ පාපිෂ්ට වැඩ වලට නොවේ. (නදී)

:       0       0

නදීකා Friday, 24 October 2014 12:52 PM

මට නම් මේ වෙනදේවල් ගැන හිතාගන්න බැහැ (නි)

:       0       0

යශෝධා Friday, 24 October 2014 12:52 PM

අනේ පවු අහිංසක ළමයි! (නි)

:       0       0

රූපවතී Friday, 24 October 2014 04:32 AM

මොකක්ද මේ ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? හරියට ලේ පිපාසාවෙන් වගේ දරුපැටවු හොරෙන් උස්සාගෙන යන්නේ.මෙවැනි අයට දැඩි දඩුවම් දුන්නේ නැත්නම් අර ගෝනිබිලි යුගයට අපිව සැවොම ඔසවාගෙන යාවි. (නි)

:       0       0

දයා අලහාකෝන් Friday, 24 October 2014 04:58 AM

බුදුන් වහන්සේ නන්ද කුමාරයා ගෙන ගියා වගේ තමයි මෙයත් (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 24 October 2014 05:10 AM

මෙවැනි චීවරධාරීන් ශාසනයෙන් ඉවත්කළ යුතු වේ!! (නි)

:       0       0

විරාජ් Friday, 24 October 2014 05:27 AM

ළමයි පැහැරගැනීමත් මෝස්තරයක් වෙලා. අනේ මන්දා රටකට ගිය කලක්! (නි)

:       0       0

ගයාන් Friday, 24 October 2014 05:29 AM

අද හාමුදුරුවරු නොයෙක් විෂමාචාර වල යෙදෙනවා. ශාසනය විනාශවෙලා යයිද කියලා හිතෙනවා. එහෙන් දේශපාලනය කරන්න ගිහින් කොටසක් පිරිහිලා...? (නි)

:       0       0

සිල්වා Friday, 24 October 2014 06:03 AM

පේනවා නේද මේ අයගේ වැඩ? (නි)

:       0       0

විධුෂක Friday, 24 October 2014 06:17 AM

බලය හිමි දේශපාලකයන් කරන වංචා, දුෂණ සෙවීමට මැලිකමක් දැක්වුවද, රටේ සිදුවන අනෙකුත් සොරකම්, වංචා, දුෂණ සෙවීමට අසීමිත වූ දක්ෂතාවයක් දක්වන අපේ ශ්‍රී ලංකා පොලීසියේ කඩිසර නිලධාරීන්ට නොයෙක් වර්ණයෙන් යුත් මල් මිටක්!!! (නි)

:       0       0

ලුම්බිණි Friday, 24 October 2014 06:33 AM

ළමා ආරක්ෂක කටයුතු බාර ආයතන මේගැන කටයුතු කල යුතුයි කියල මම හිතනවා. මේ කරපු වැඩය නම් ඉතාම නරක දෙයක්. (අ)

:       0       0

බණ්ඩා Friday, 24 October 2014 06:40 AM

අද කාලේ හැම කෙනෙක්ම විශ්වාස කරන්න එපා තමුන්ගේ දරුවන් ගැන මව්පියන් මීට වඩා අවදානය යොමුකළ යුතුයි .(අ)

:       0       0

සිල්වා Friday, 24 October 2014 02:12 PM

වැඩි දෙනෙක් මෙතන වෙලා තියෙන දේ දන්නේ නැහැ නේද ? ඒ ළමයා ගිහින් තියෙන්නේ එයාගේ තාත්තා එක්ක (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 24 October 2014 07:42 AM

ලියමු බලන්න හැමෝම එකතුවෙලා හොඳ අදහස් ටිකක් (නදී)

:       0       0

ජයරත්න Friday, 24 October 2014 08:26 AM

සිවුරක් දැරූ පළියට කිසිවෙකු හිමිනමක් වෙන්නෙ නැහැ.මේ අය කරන වැඩවලින් සැබෑ සංඝ පීතෘවරුන්ටත් අපහාසයක් තමයි වෙන්නෙ. හැබැයි ඉතිං මේ හිමිනමත් දරුවාගේ පවුලේ උදවියත් අතර පවතින සම්බන්ධය මොකක්ද දන්නෙ නැහැ.ඒ නිසා මේ ප්‍රශ්නය බොහොම සීරුමාරුවට විමර්ශනය කරන්න ඕනෑ. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 25 October 2014 04:58 AM

අපිටත් දරුවෝ ඉන්නවා. මේ දරු පැටව් ටික ලොකු මහත් කරගන්න විදිනා වදයක්. නොකා නොබී ඉන්න පුළුවන් නමුත් ඉවසන් ඉන්න බැරි බහුතරයක් පාපතරයින්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලයි. (නදී)

:       0       0

සෙත්මි Friday, 24 October 2014 03:18 PM

මම නම් කියන්නේ ලැබෙන දඩුවම් මදි. ලංකාවේ පුංචි දරුවන්ට නරකම කල දශාවක් ලබලා වගෙයි.මේ පුංචි මල් වගේ සිත් විනාස කරන්න කරන එවුන්ව නීතිය ඉදිරියට ගෙනත් උපරිම දඩුවම් පමුණුවන්න ඕනි. (අ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 24 October 2014 10:13 AM

මොකද මේ රටට වෙලා තියෙන්නේ? දරුවෝ කියන්නේ රටේ අනාගතය. මොනවට අරගෙන ගියාද කියලා හොයන්න ඕනෑ. උපරිම දඬුවම් දෙන්න ඕනෑ, කවුරු වුණත් කමක් නැහැ (නි)

:       0       0

සනී Saturday, 25 October 2014 07:42 AM

අද මෛත්‍රී බුදු හාමුදුවෝ ඉපදුනත් වැඩක් වෙන එකක් නැහැ. අපේ මිනිස්සු ගොඩක් අය පිළිගන්නේ බණ නෙවෙයි බයිලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site