IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘හිරුණිකා නාවේ විපක්ෂයට යන්න නොවේ‘

බස්නාහිර පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ  ශ්‍රාවස්ති මන්දිරයේදී  බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය පළ කරන බව ද අය වැය පරාජයට පත් නොකරන බව ද  එහිදී ප්‍රකාශ කළහ.

සන්ධාන මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝද එම අවස්ථාවට සහභාගී වී නොසිටියහ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද නොපැමිණියේ ආණ්ඩුවෙන් යන නිසාදැයි මාධ්‍යවේදීයකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ  එවැනි කිසිවක් නොමැති බවයි. ඇයට පැමිණිමට නොහැකි බව තමාට දැනුම් දී තිබු බවත්  ප්‍රධාන අමාත්‍යවරයා  කීවේය.

DSCN0087 RDS_0878 RDS_0899 RDS_0928

 

 

 



අදහස් (0)

‘හිරුණිකා නාවේ විපක්ෂයට යන්න නොවේ‘

චාමික Thursday, 27 November 2014 01:52 PM

මේ වගේ අය නම් විපක්ෂෙට නොඑන තරමට හොදයි මට නම් හිතෙන්නේ. (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Friday, 28 November 2014 04:00 AM

මේ මෙනවිය පළාත් සභා ඡන්දයෙන් සුවිසල් ජයග්‍රහණයක් කලේතම පියා දිවි පිදු අන්දම ජනතාව හොදින් දන්නා බැවිනි. එතුමා මහින්ද චින්තනයෙන් රට පෙරට ගෙනයාමට මහගු දායකත්වයක් දුන් කෙනෙක්. එනිසා හිරුනිකා මෙනවිය අවස්ථාවාදී නොවනු ඇත (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 28 November 2014 04:19 AM

අන්තිමට ඉතිරි වෙන්නේ ලංකාවට කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වන, එතනෝල් ගෙන්වන, දළදා මාලිගාව බිමට සමතලා කරන්න නැව් පිටින් බෝම්බ එවපු උදවියයි විතරයි (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 27 November 2014 10:24 AM

ඔයගොල්ලෝ කියන්නේ නිරපේක්ෂ සත්‍ය කියලා මේ රටේ ජනතාව හොඳින් දන්නවා. අපි ඔබ කියන දේ පිළිගන්නම්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 28 November 2014 04:45 AM

දේශපාලකයෝ විශ්වාස කරන්න බැහැ මහ ඇමතිතුමනි, දයාසිරි මහත්තය ආණ්ඩුවට පැන්නෙත් අන්තිම පැයේදී කියල අපිට නම් හොඳට මතකයි. (දිල්)

:       0       0

ජයරත්න Thursday, 27 November 2014 10:27 AM

අන්න ගිහින් ඇමති තුමනි.(හේ)

:       0       0

දසුන් Thursday, 27 November 2014 10:27 AM

අයිස් බකට් නාන්න යන්න ඇති එකත් එකටම. (හේ)

:       0       0

ඉන්දික Thursday, 27 November 2014 10:33 AM

දැන් හැමෝම අහන්නේ යනවද කියලා (නදී)

:       0       0

දිලාන් Thursday, 27 November 2014 10:37 AM

සුපර් ස්ටාර් තෝරන්න යන්න ඇති. ඒගොල්ලන්ට මහජන සේවයට අදාළ කටයුතු වලට ඉඩක් නැහැනේ. (නදී)

:       0       0

චතු Thursday, 27 November 2014 10:38 AM

පහන් පත්තු කරන්න ගිහින් ඉන්නවා අපි දැක්කා. මේ වෙලාවේ අහන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දී මාධයට මොකද වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

ශාන් සෞදි Thursday, 27 November 2014 10:38 AM

ඇඟට අමාරු ඇති ඒකයි (නදී)

:       0       0

සිල්වා Thursday, 27 November 2014 03:26 PM

ඔබතුමා දැන් පටි තද කරගන්න. ලඟදීම අයිස් බකට් නාන්න වෙන්නේ පරිස්සමෙන්. (නදී)

:       0       0

හසිත් Thursday, 27 November 2014 10:38 AM

නින්ද යන්න ඇති. රාජකාරි දවසක උදේට නැගිටින්න පරක්කු වෙලා ලොකු මහත්තයත් අවවාද කලා කියල ආරංචි වුනේ. (නදී)

:       0       0

කුමාර් Thursday, 27 November 2014 10:42 AM

ඔබතුමාට කෝල් කරපු එක සුවර්ද ? (නදී)

:       0       0

රිචි බාලසුරිය Thursday, 27 November 2014 10:45 AM

තවත් රැඳිලා සිටියොත් නාන්න වෙන්නේ අයිස් බකට් නෙමේ අර ගඳ ගහන බකට් තමයි. හිරුණිකාට මොලයක් තියෙනවා වෙලාවට යාවි (නදී)

:       0       0

ලාල් Thursday, 27 November 2014 10:56 AM

මේ තරම් කල් හිටපු එක ගැන සතුටු වෙන්න (ම)

:       0       0

කැළුම් Thursday, 27 November 2014 11:06 AM

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ.(ම)

:       0       0

රාහ්මන් Thursday, 27 November 2014 06:15 PM

ප්‍රසන්න රට ඔයාලගේ බුදලයද , මදි නැද්ද කාපු හරිය. අර්ජුනව ආදර්ශයට ගන්න, යන්න ගිහින් මෛත්‍රීට සහය දෙන්න. (ස)

:       0       0

කින් බෙනට් Thursday, 27 November 2014 06:17 PM

@හේමා ... අයිස් බකට් එකක් උදෙන්ම වැදුන නම් හිරුනිකා ඔය රැස්වීමට එන්නේ දුවගෙනයි ..ගොඩක් දුරට ප්‍රසන්නට අමු කැවිලා වෙන්න පුළුවන් .. නැත්නම් තව දවස් කීපයක් යනකන් තනතුර රැකගන්න කියන කතාවක් වෙන්න පුළුවන් .(ස)

:       0       0

මහී Thursday, 27 November 2014 11:55 AM

තමන්ගේ පියාට සිදුවූ දේ දන්නවනේ. කෝ වැරදිකාරයො ? (ර)

:       0       0

නඩරාජා Thursday, 27 November 2014 06:57 PM

මේ මන්ත්‍රීතුමිය පාලගෙයි ,දත් දොස්තරගෙයි අවංක බවක් කිව්වනේ, අනේ මොනවටද කියන්නේ, ආණ්ඩුවේ වී ගබඩාවක් මල්ලිට විකුනුපු අයියත්, ප්‍රන්සයට යවන මාළු වලින් ගතමන් සොයපු මාළු දත් දොස්තරගේ අවංක කම කොහොමද ? ෆයිල්වල තියෙනවා කියා කසුකුසුව (ස)

:       0       0

නොයෙල් Thursday, 27 November 2014 12:05 PM

හිරුනිකා අලුත් මෝස්‌තර මවනවාලු. එයා කරන ඒවා ලංකාවේ කෙල්ලෝ කරයි කියලා හිතනවාලු. ළඟදී දවසක රියලිටි ෂෝ එකක විනිශ්චය මණ්ඩලයේ හිටපු එතුමිය වම කණට දිග ටසල් දාලා දකුකු කණට මොකුත් නැතුව ආව වෙලාවේදී නිවේදකයා ඒ ගැන ඇහුවා. එවිට හිරුනිකා කිවුවේ "මගේ ස්ටයිල් එක තරුණියෝ අනුගමනය කරයි කියල මට හිතුනා " කියලයි. (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 27 November 2014 07:52 PM

බස්නාහිර පළාත් සභාවේ අය වැයෙනුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඉල්ලන් කනවා බලන්න මම මේ ඉවසිල්ලක් නැතිව ඉන්නේ. (ස)

:       0       0

ඇසිලින්නෝනා Thursday, 27 November 2014 08:11 PM

හා ..හා. එතුමිය ලිඳට ගිහිල්ලා (නදී)

:       0       0

විමුක්ති Thursday, 27 November 2014 12:14 PM

හොඳ, හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට නෙවැ (නදී)

:       0       0

කුමාර Thursday, 27 November 2014 12:16 PM

මහා ඇමතිතුමෝ මොකුත් කන්න දුන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

අනූෂා Friday, 28 November 2014 09:59 AM

යන අයට යන්න දෙන්න. අපි එයාව සුදුසු තැන තියන්නම් එන ඡන්දෙදි (අ)

:       0       0

චානක. Thursday, 27 November 2014 11:04 PM

බය වෙන්න එපා අපි ලිස්ට් එකේ පිළිවෙලට සැලුන් දොරෙන් වෙලාවට අර ගන්නම්. (නදී)

:       0       0

උෂාන් Thursday, 27 November 2014 11:05 PM

යන අයට යන්න දෙන්න. අපි එයාව සුදුසු තැන තියන්නම් එන ඡන්දෙදි (නදී)

:       0       0

හේමා Thursday, 27 November 2014 12:39 PM

එක්කෝ ප්‍රසන්නට රණතුංගට අමු කෙවිලා. නැතිනම් හිරුනිකාට අයිස් බකට් එකක් වැදිලා උදේම (නදී)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 11:40 PM

මේ දවස්වල කොළඹට ආසන්න නගරෙක හිරුනිකාට පැරදිච්ච කෙනෙක් ඔහු මහ ඇමති කරන්න කියලා කොඩි කණු දාලා. ඔයාට තර්ජනයක්ද? (නදී)

:       0       0

මේනක Thursday, 27 November 2014 01:03 PM

මන්ත්‍රී තුමිට අමතක වෙන ලෙඩේ එහෙම හැදිලා නැහැනේ. (නදී)

:       0       0

රෝයි- ලන්ඩන් Thursday, 27 November 2014 01:09 PM

අපේ අනාගත ජනාදිපති තුමාට මුකුත් කියන්න එපා. ඔබ තුමාට ජය වේවා. (නදී)

:       0       0

විචාර Friday, 28 November 2014 03:22 AM

තිලක් ඩුබායි, කින් බෙනට් මහත්තුරුන්ටයි. බලාගෙන ඉන්නකෝ. ජනවාරි 9 වැනිදා ඔයාලගේ බාල්දි කක්කුසි පිරෙනකොට පෙනේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site