
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරින්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව මීට පෙර වාර්තා විය.
මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට මීට පෙර ස්ථාන මාරුවක් ලබාදී තිබූ අතර මෙම චෝදනාවලට ලක්වූ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට ද වාර්තා විය. එමෙන්ම හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
පසුගිය වසරේ මාර්තු 15 වැනිදා හරක් කටා යළි දිවයිනට ගෙන්වාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගනු ලැබීය.
‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පැන යාමට උත්සාහ කළ නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එයින් හරක් කටාගේ පලායාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ සහය ලැබී ඇති බව අනාවරණය විය.
විශේෂ වාර්තාකරුවකු විසිනි
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක්
චන්දන Tuesday, 19 March 2024 07:20 PM
100%ක් ෂුවර්... මේ පරීක්ෂණ මග හිටිනවා.