(සුජිත් හේවාජුලිගේ )
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.
ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක ( මිලියන 44 ) ආදායමක් ලැබි ඇතැයි පැවසෙයි
අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අප්‍රේල් අද(14 ) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් එම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
මේක විකුණන්න උපරිමව උත්සාහ කරනවා. ඒ් නිසා දැන්හරියට නඩත්තු කරන්නෙ නැහැ. ආණ්ඩුවේ අළුත්ම උපක්‍රමය තමයි ආයතන විනාශ මුඛයට ගෙන යමින් මිනිස්සුන්ගෙ මතයක් සෑදිම ප්‍රයිවෙට් කලා නම් හොඳයි කියල. ඒකහයි වේ එකටත් කරමින් ඉන්නෙ.
ආදායම වැඩක් නැහැ .ණය මුදලයි ,පොළියයි ,සේවක වැටුප් , නඩත්තු වියදමුත් ඇරලා ශුද්ද ලාභය කොපමණද කියන එකයි වැදගත්
මෙච්චර ඇඹුල් තියල් කනවාද ලංකාවේ මිනිස්සු. රතු මල්ලි කෙනෙක් හම්බ වුණාම අහන්න ඕනෑ...
Kasturi දැනගන්න, මේවායේ ණය ගෙවන්නේ ඩොලර් වලින්, කතරගම වන්දනාවේ ඉක්මනින් ගියාට රටට සතපහක වැඩක් නැහැ. රටේ කර්මාන්ත දියුණු කරලා ඒ නිෂ්පාදන අපනයනයට යවනවා නම් තමයි රටට වාසි, මේ පාලකයින්ට එහෙම දැක්මක් තියෙනවාද? තියෙන කර්මාන්ත පවා වහනවා, ඇඹුල් තියල් ගෙනියනවා නම් ඒකත් හොඳයි...