(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මරුට
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 08:40 AM
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියනි, ඔබතුමියගේ ගැඹුරු සංයමය හා සතර අභිනයෙන් යුතු අතිදක්ෂ රංගන කුසලතාවන් තුළින් බොහෝ දෙනා ලද රසවින්දනය අති මහත්ය. ඔබතුමියට අමා මහ නිවන් සුව ලැබේවා ... !!!
පූජා.Saturday, 31 July 2021 01:54 PM
ඉතාම කණගාටුදායක සිදුවීමක් සමිත... අති දක්‍ෂ, ප්‍රථිභාපූර්ණ රංගන ශිල්පිනියක්.. එතුමිය රඟ පෑ "බට්ටී" නම් චරිතය සදා මතකයේ පවති.. ඔබට සුබ ගමන් මැතිණියනි...!!!
විජිත් Saturday, 31 July 2021 07:33 PM
ජිවිතයේ අනිත්‍ය ගැන මෙනෙහි කරන්න හිතෙන තවත් දුක හිතෙන කතාවක්. ඊයේ උදේ මෙතුමියගේ සිතේ මොනතරම් බලාපොරොත්තු තිබෙන්න ඇතිද... ඇය රඟපෑ මේ ටෙලිනාට්‍යය පුංචි තිරයේ දැකගන්නට නොඉවසිල්ලෙන් ඉන්න ඇති. ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර බලන්නටත් ආශාවක් සිතේ තිබෙන්න ඇති. එතකොට අද ගෙදර ගිහින් කිරීමට ඇති වැඩ කටයුතු....හෙට දිනයේ රුගත කිරීමකට යන්නට....මේ සියලුම සිතුවිලි , නොහොබිනා , අපරික්ෂාකාරී රියදුරෙකුට වෙනස් කරන්න හැකිවුනා. ශ්‍රී ලාංකීය සිනමාවට වගේම මුළු මහත් ශ්‍රී ලන්කිකයින්ටම, මේ මුළු ලෝකයටම හයසින්ත්ව අහිමිවුණා. ශ්‍රී ලාංකීය සිනමාවටත්, ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටත් පොදුවේ " කලාවටත් " අපමණ සේවයක් කල ඔබතුමියට ඔබතුමිය පැතු අයුරින්ම ඔබගේ පරලොව විමුක්තිය උදාවේවා...!!!
Randima Saturday, 31 July 2021 08:56 AM
අමතක නොවන චරිත රැසකට පණ පෙවූ කලා ශිල්පිනියක්... ඔබතුමියට නිවන් සුව..!!!
විපුල Saturday, 31 July 2021 10:14 AM
ඉතාමත් දක්ෂ නිළියක්. ඇයට මගේ ආචාරය...!!!
සුදත් ශ්‍රී Saturday, 31 July 2021 12:55 PM
නිහතමානී චරිතයක්. ඔබතුමියට නිවන් සුව පතමි.
Ruwan Saturday, 31 July 2021 01:22 PM
එතුමියගේ අභාවයට මගේ බලවත් ශෝකය...
SUNIL MILANO Saturday, 31 July 2021 02:40 PM
මේ වගේ ශෝචනීය අවස්ථාවකත් ඒගැන සිතන්නේ නැති අයත් සිටියි.
පිටරැටියා Saturday, 31 July 2021 03:36 PM
ඔබතුමිය රඟ පෑ සෑම නාට්‍යයක්ම අපි ඉතා ආසාවෙන් බැලුවා. බට්ටි, ආදරණීය පූර්ණිමා, මෑතකදී අවසන් වූ හදවිළ අරණ සදා නොමියෙන චරිත... ප්‍රවීණ රංගන ශිල්පිනියක් අප අතරින් වියෝවීම හරිම කණගාටුදායකයි. එතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!
Ruhunu Saturday, 31 July 2021 04:15 PM
"නාමය නොදිරයි." ඔබතුමියට නිවන්සුව ලැබේවා..!!!
Demuni Uduwara Saturday, 31 July 2021 06:23 PM
මාගේ බලවත් ශෝකය..!!!
තරිදු Sunday, 01 August 2021 08:05 AM
ඔබතුමියව මට මගේ පවුලේ කෙනෙක් මෙන්ය. සිදුවු දේ කණගාටුදායකයි. කළ හැකි කිසිවක් නොමැත. අප හැමටම මවක් වූ ඔබතුමියට කිසිම භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා..! මතු භවයක ධර්මාවබෝධයට හේතුවී නිවන් ලැබීමට වාසනාව ලැබේවා...!
නිහිංසා දුව Sunday, 01 August 2021 08:15 AM
රංගනයෙන් පමණක් නොව ඔබතුමිය සැමදාම අපට මවක් වුණා. මේ අාදරණීය අම්මාට නිවන් සුව ලැබේවා...!
නිහිංසා දුව Sunday, 01 August 2021 08:18 AM
අපේ අාදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!