
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් අද (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය.
යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය.
මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා 4 වන ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙබළුන් දෙදෙනකුගේ ආවේක්‍ෂණ රාජකාරියේ ස්භාවය සහ රාජකාරිය සැකකටයුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවත් එම සෙබළුන් මිහින්තලා විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ නිරන්තයෙන් සැරිසරණ විදේශ සංචාරකයන්ගේ සහ මිහින්තලා පරිශ්‍රයේ ඉදිකිරීම්වල නිතරව සිටින ත්‍රිවිධ හමුදා භට පිරිස්වල ආරක්‍ෂාවට යොදවා තිබුණේ යැයි පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් යුද හමුදාව නිකුත් කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා වැඩි දුරටත් කීය.
(ඡායාරූප බී.ජී.චතුරංග)
COMMENTS
රටේ සියලු ආරක්ෂාව රජය මතය. සෑම පුරවැසියකුගේ සියලු ආරක්ෂාව රජය සතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලයය. එයට අභියෝග කිරීමට ලෝකයේ කිසිවෙකුට හිමිකමක් නැත. “පරමාධිපත්‍ය” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අයිතීන්ට අනුව ව්‍යවස්ථාදායක බලය (පාර්ලිමේතු බලය), රටේ ආරක්ෂාව ඇතුලුව විධායක බලය, අධිකරණ බලය, යන සියලු බලය ජනතාව සතුයි. කොටින්ම කියතොත් රට වැසියාගේ පණට තිබෙන අයිතියයි. පණට අභියෝග කිරීමට කිසිවෙකුට හිමිකමක් නැත. පණ රැකගැනීමේ අයිතිය කොතෙක් ද කිවහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ “පුද්ගලික ආරක්ෂාවේ අයිතිය” යටතේ වූ පැනවීම් අතිශය වැදගත් වේ. ලංකා දණ්ඩ නීති සංග්‍හරයේ “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” යන වගන්ති තම පුද්ගල ජීවිතයට දී ඇති නීතිමය රැකවරණයෙන් පැහැදිලි කරගත හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව “නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.” යන ව්‍යවස්ථාව අනුව රජය කටයුතු කිරීමට බැඳී ඇත. රජයේ සියලු කාර්ය ජනතාව හොඳින් රැකබලා ගැනීමයි.
දෙදෙනෙකු සැක සහිත බව ය. තම ජීවිත ආරක්ෂාව පිළිබඳව සැක නම් එය ප්‍රකාශ කිරීම වරදක් ද? යුධ, ගුවන්, නාවික හමුදා පිහිටුවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලත් බලය මත ය. පොලිස් හමුදාව පිහිටුවා ඇත්තේ ද “පොලිස් ආඥාපනත” යටතේයි. නීතියේ හා සාමයේ බලධරයා වශයෙන් පොලිස් හමුදාව සලකයි. මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලය මත ක්‍රියාත්මක වේ. එනම් ජනතා පරමාධිපත්‍යයේ බලය යි. යුද, ගුවන්, නාවික, පොලිස්, හමුදා හෝ ආරක්ෂාවට පිහිටුවා ඇති යම් ඒකකයක නිළධාරියෙක් හෝ කීප දෙනෙක් හෝ සැක සහිත ලෙසින් පුරවැසියාගේ ජීවිත අයිතියට තර්ජනයක් ලෙසින් හැසිරෙත් නම් එය පිළිබඳව පැමිණිලි කිරීමට විමසීමට වැසියාට අයිතිය ඇත. එය ප්‍රකාශ කළ පසු යමෙකුට යොදවා ඇති ආරක්ෂාව ඉවත්කිරීම් යනු බියගුළු කමකි. යුද, ගුවන්, නාවික පොලිස් හමුදාවේ පරමාර්ථ උල්ලංඝය කිරීමකි. රජයේ වගකීම පැහැර හැරීමකි. චෝදනා ලත් ආරක්ෂ අංශ නිලධාරින් ගැන ඒ ඒ භාර හමුදාවෙන් සහ රජයේ විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් පත්කොට පරික්ෂා කර යථා තත්වය රටට එළිකළ යුතුයි. හමුදාවට කරන චෝදනාවෙන් හමුදාව නිදහස් කළ යුතුයි.
නාහිමියන්ගේ චෝදනාව ඇත්ත බව හා එකී චෝදනාවට මුහුණ නොදි කර ඇරීම ය. ආරක්ෂක අංශ පවත්වන්නේ ආරක්ෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැවින් පුද්ගලයකු හෝ භික්ෂූන් වහන්සේ නමක් කියූ පමණින් ප්‍රධාන පූජා භූමියක ආරක්ෂාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යයේ බලය පැහැර හැරීමක් නොවන්නේ ද?
බොදුබල සේනාවට තුවක්කු දීලා එවන්න නානසාර හාමුදුරුවනේ මිහින්තලේ රකින්න.. ආමි කොල්ලො දාමු බණ කියන්න
අවුරුදු ගානක් මිහින්තලාවට උදව් කරපු රණ විරුවන් .එයාලට අදාළ රාජකාරියක් නෙමෙයි.පන්සල් පල්ලි හදන්න .ඒත් එයාලව පාවිච්චි කළා.ඔබලා කරපු ඒ සේවයට පින් .ජයවේවා රණවිරුවනි
මෙතන තියෙන්නේ කනිකරම දේශපාලන ප්‍රශ්නයක් . ඒක බෞද්ධ සිද්ධස්ථානයේ ආරක්ෂාවට හානියක් වන තරමටම පුලුල් කර ගැනීමට නිවට වර්ථමාන පාලනය කටයුතු කරමින් සිටිනවා.
ඒක හොඳයි. මේ ගොයියාගේ කට වැඩී.
මෙවා විහිලු කතානෙ....හමුදාවල් වල අයගෙ ආරක්ශාවට ඔවුන්ව ඉවත් කෙරුවා කියන්නෙ.. හමුදාව කියන්නෙ රටටම ආරක්ශාව දිය යුතු යුද්දෙකට මුහුන දිය හැකි අයනෙ.