
(අමිල සම්පත් ශ්‍රී)
හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට සිදු වූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් පැවැසේ.
හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ වෛද්‍යවරුන් තිස් දෙනකු පමණක් බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම මෙන්ම විශේෂඥ වෛද්‍ය සායන කරගෙන යෑම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.
එමෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් 160දෙනකු රෝහලට අවශ්‍ය වුවද සිටින්නේ වෛද්‍යවරුන් 123 දෙනකු බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් එදිනෙදා පැමිණෙන රෝගීන් මෙන්ම වෙනත් රෝහල්වලින්මාරු කර එවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලුවක් වී ඇති බවද දැනගන්නට ඇත.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෛද්‍යවරුන් විදේශගතවීම් බව රෝහල් නිලධාරියෙක් සඳහන් කළේය.
දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති අතර දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් කිසිවක්ද රෝහලේ නැති බව ඔහු කීවේය.
එමෙන්ම හෘද රෝග සඳහා ලබාදෙනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිසිවක්ද නොමැති අතර හෘද රෝග සායන සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ බවද ඔහු පැවසීය.
වේදනා නාශක වර්ග මෙන්ම ඇදුම රෝගීන්ට ලබාදෙන ඉන්හේලර් වර්ග රෝහලේ නොමැති බවද වාර්තාවේ. ප්‍රතිකාරවලදී ලබාදෙන විශේෂ ඖෂධ මෙන්ම ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිසිවක් රෝහලේ නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව අක්ෂි සායනවලදී ලබා දෙන ඖෂධ බොහොමයක් රෝහලේ නොමැති අතර චර්ම සායනවලදී ලබාදෙන ක්‍රීම් වර්ග මෙන්ම තයිරොයිඩ් ඌනතා සඳහා ලබාදෙන තයිරොක්සීන් ඖෂධයද රෝහලේ නොමැති බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ප්‍රතිජීවක ඖෂධ හා ඉන්ජෙක්ෂන් වර්ගද රෝහලේ නොමැති බව රෝහලින් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේය.
මීට අමතරව ශල්‍යකර්මවලදී භාවිතා කරන උපකරණ ඇතුළු රෝහල් උපකරණ රාශියක් රෝහලේ නොමැති බැවින් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇත.
ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකි බවත් එසේ වුවහොත් රෝහලේ අංශ කිහිපයක ප්‍රතිකාර කිරීම තාවකාලිකව හෝ අත්හිටුවීමට සිදුවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ඉවසලා ඉන්ට. ජනාධිපතිතුමා අරහේ නිදහස සමරන්ට සල්ලි හොයනවා.
වෙනදටත් ඔය උත්තමයො වැඩි කාලයක් ඉන්නෙ චැනල් කරන තැන්වල නේද?
කෝ අර කෙහෙල් ලෙල්ල...?
ඕවා කොතරම් අඩු වූවත්, ජනාධිපති, අගමැති, ඇමැතිලාට සහ ඔය අවුල්වලට අවුල් වුණොත් ආණ්ඩු වියදමින් පිටරට හෝ යවා ප්‍රතිකාර කර ගනීවි...
ඔක්කෝම ප්‍රශ්න අමතක කරලා නිදහස් උත්සවයට කෝටි 20ක් වියදම් කරලා අභිමානවත්ව සැමරුවාම ප්‍රශ්න සියල්ල විසඳෙයි.
බෙහෙත් නැතුවට මොකද? අමාත්‍යාංශයේ හැමෝටම වී8 තියෙනවා. ඕනතරම් ජොලිකරන්න සල්ලි තියෙනවා.
ආ.. හම්බන්තොට නේද.. අවුලක් නෑ.. ගිහිල්ලා අර D A රජපක්ස ට මල් පහන් පත්තු කරන්න. . එතකොට සේරම හරි යයි. . එයා බිහි කරපු හොර මුල නෙ මෙව්වට වග කියන්න ඔන..
ඕවා නැති වුණාට මොකද, ඒ වගේද හෙළ ජාතික අභිමානේ. නාග ලෝකෙට හරි නාථ දෙයියන්ට හරි පණිවිඩයක් යවලා බලන්න...
මතිවරනයටත් ඉස්සෙල්ල් මතිවරණ ප්‍රතිපල කියන්නෙ මෙවට .
හම්බන්තොටට ඕන මානසික සෞඛ්‍ය ආයතනයක්... රාජපක්ෂ පවුල ඉන්න පැත්තේ ඉන්න පුළුවන් මානසික ලෙඩ්ඩු විතරයිනේ...!
අනේ දෙවියනේ රටට ගිය කලක්...
එන්න අපි නිදහස සමරමු...
රටේ ඉහළම තනතුරු විධායක ජනාධිපති ධුරය දෙවරක් දරපු සහ රාජපක්ෂ පවුල නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ තියන ප්‍රධාන රෝහලට කරපු විනාශය. නමුත් මෙම හම්බන්තොට ජනතාව නිර්මාණය කළ බේබිලාට නම්, රට පුරා අංග සම්පූර්ණ දේපළ තියනවා.