IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

අජන්ත කුමාර අගලකඩ
 
ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා එහිදී අප්‍රසාදය පළකර අතැයිද වාර්තාවේ.
 
මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
 
ජනාධිපතිවරයා විසින් අද දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන  හිරිහැර කිරීමට එරෙහිව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද පැවැසේ.
 
ජනාධිපති කාර්යාලයේදී අද දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තාවේ.
 
මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.
 
තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
 
මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇතිවූ බව වාර්තාවේ.



අදහස් (24)

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

සතයපාල Thursday, 13 September 2018 03:13 PM

නීතිය හැසිරවිය හැක්කේ ගරු අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි මිස අන් අයගේ දේශපාලන අරමුණු වලට ගැලපෙන අයුරින් නොවේ. එය සැමටම සර්ව සාධාරණ විය යුතුය.

:       5552       3866

bandaiya Thursday, 13 September 2018 03:49 PM

මේක හොද වැඩක් නෙවෙයි. ඒ අයට සමාව දෙන්න. ඒ අය හොද දෙයක් කලාම ලොක්කෝ ටික හොද නම දාගන්නවා. සිවිල් යුද්ධයකදී මිනිස්සු මැරෙනවා. මේවා දේශපාලනය නිසා ඇති වුනු දේවල්

:       670       726

පිටිගල මිලානෝ Thursday, 13 September 2018 03:59 PM

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. එය සැකසී ඇත්තේ රටේ නීති රාමුව තුල මිසක් සැකකරුගේ තනතුර මත නොවේ. යමෙක් අත්අඩංගුවට ගන්නේ පොලිසියට සාධාරණ සැකයක් තිබෙනවානම් පමණි. අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කර එම සැකය තහවුරු නොවන්නේ නම් ඔහුව නිදහස් කරනවා.

:       570       959

මනොපුබ්බංThursday, 13 September 2018 06:55 PM

ආයුධ අතදරමින් මිනිසුන් මරණයට පත්කළ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ නඩු විභාගයන්ට යොමු කර අධිකරණය සැමට සමාන බව පෙන්වමු.

:       28       345

KamalFriday, 14 September 2018 01:20 AM

එක හොදා. ඔවුනුත් විශාල පිරිසක් නඩු නැතිව රදවාගෙන සිටිනවා.

:       0       10

BamunuarachchiThursday, 13 September 2018 11:31 PM

එක තමයි නීතිය නමුත් දෙසපාලකයාගේ වුවමනාවට පොලිස්සිය කටයුතු කිරීමයි ලංකාවේ වෙන්නේ. කොටින්ම පොලිස්සිය දේශපාලකර්නීයවෙලා, පාතාලයෝ පොලිස්සිය සමග සබඳකම් පවත්වනවා මේවාතමයි ලංකාවේ සිදුවන්නේ. මේක කිසිදාක හදන්න බැරි රටක්. කොටින්ම මෙතන අදහසක් හැටියට ලීවොත් සුද්දට මෙරට හදන්නපුළුවන් කියලා එය පලවෙන්නේ නැත. අදහසකටවත් ඉඩක් නැති ඒ තරමට මස්තබාල්දු වෙච්ච රටක්.

:       27       179

Kumar Thursday, 13 September 2018 06:34 PM

ඔබ හරි සැකකරුවෙක් කියන්නේ වැරදිකරුවෙක් නෙවෙයි.

:       9       82

Chanak Los angeles Thursday, 13 September 2018 09:43 PM

සැකකරුවෙකුට රටෙන් පැනයාමට උදව් කිරීම වරදක් නොවන බව හඟවන්න හදන රටක මෙහෙමත් පාලකයෙක් '

:       167       357

lalith Thursday, 13 September 2018 11:56 PM

අප්‍රසාද පළකර කර ඉන්නේ මොකටද? ඔබතුම සියලු විධායක බලතල ඇති සේනාධි නායකයා නේද? කොටින්ම හොබවන්නේ අර ගැහැණියෙක් පිරිමියකු කිරීමටත්, පිරිමියෙකු ගැහැණියෙකු කිරීමටත් පමණක් නොහැකි තනතුර නේද? අම්මප ඕක අපට තිබුනානම්, එක්කෝ උන්ද අදම අත්අඩංගුවට ගන්නවා, නැතිනම් වැඩේ සහමුලින්ම නවත්තනවා. ආයේ අතන මෙතන කියා කියා ඉන්නේ නැහැ. ඔය වෙලාවට තමයි අර සුද්දන්ටත් ලුණුමිරිස් කවපු කෙනාගේ වටිනාකම තේරෙන්නේ.

:       1       81

vajira Friday, 14 September 2018 01:05 AM

මට බොහොම වෙලාවට හිතෙන්නේ මෛත්‍රී ජනපති තුමා ක්‍රියා කරන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ස නායක ගේ කාර්ය බාරය කියලයි. ඒවගේම එතුමා කියන දේ එකට එකක් පරස්පරයි. ස්ථාවර භාවයක් අැත්මතෙ නැහැ වගේ. වැරැද්ද නම් දෙවි හාමුදුරුවෝ කලත් වරදමයි. එතුමාම වරෙක කියනවා නීතිය ස්වාදීන විය යුතුයි කියල. එහෙම කියන ගමන් එතුමාම කියනවා රණ විරුවන් ආරක්සා කල යුතුයි කියල. කුලියට මිනි මරණ එකද රණවිරු කම කියන්නේ ? අනේ මට නම් හරි ප්‍රහේලිකාවක්

:       0       401

ලුම්බිණි Friday, 14 September 2018 01:45 AM

ජනාධිපති තුමා උසාවි පොලිසි කරන දේවල් ගැන මේ විදියට ප්‍රකාශ පල කරන එක හොඳ මදි නේද?

:       125       157

Samathasena A . Aluthgamage. Friday, 14 September 2018 02:39 AM

අදිකරණයට අපහාස කිරීමට හාමුදුරු කෙනෙක්ව හිරේ දැම්මා නම් 11 ක් අතුරුදන් කරපු කෙනාව සඟවා ගෙන රටින් පිට කිරීම නිසා අත් අඩංගුවට ගැනීම වරදක්ද ? වැරදි කරපු හමුදා ප්‍රධානීන් වැරදි ලෙස අත් අඩංගුවට ගෙන තිබේනම් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන් නේද ? නීතියේ දේ නීතියට කරගන්න දීලා ඒකට ජනාධිපති මැදිහත් නොවී සිටියා නම් තමයි හොඳ ? එහෙම නැතිනම් පොලීසිය හා අදිකරණය කුමකටද ?

:       127       507

Saththaya Friday, 14 September 2018 03:02 AM

මේ රට කවදාකවත් යහපත් සහ වැදගත් දේශයක් වෙන්නේ නැහැ , දේශපාලකයින් නීතිය මෙහයවන්න ගියාම . දේශපාලනය වෙනයි, නීතිය කියන්නේ, මේ රටේ නීතිය. එය හැමෝටම එකයි . විශේෂයක් නැහැ . ඉමක් කොනක් නැතුව නීතියට ඇගිලි ගැසීම දඩුවම් ලැබිය යුතු වරදක් .

:       1       1604

Chandra Friday, 14 September 2018 03:20 AM

රාජ්‍ය සේවකයින්ට , හමුදා නිලදාරින්ට මෙය හොද පාඩමක් . කවදාකවත් දේශපාලුවන් මෙහෙයවන දුෂිත වැඩවලට උදව් දෙන්න එපා . තමන්ගේ නිල ඇදුමේ ගරුත්වය රැක ගන්න. එකය් පාඩම . නීති ගරුක වෙන්න .

:       0       447

RaveendraFriday, 14 September 2018 04:40 AM

හිටියොත් හොදට හැදී...... දෙවියොත් " නමට " වදී......

:       0       305

nihal Friday, 14 September 2018 04:56 AM

හමුදා නිලදාරීන් අත්අඩංගුවට ගන්න කිව්වේ කවුද? යටගියාව නොවේ ඉදිරිය බලන්න ....හමුදා නිලධාරින්ට අත නොතබනු ...

:       2       25

sam Friday, 14 September 2018 05:35 AM

මේ කියමනම ඇති මෙතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න.

:       87       26

nimal Friday, 14 September 2018 06:05 AM

හමුදා නිළධාරින්ට එක නීතියක් , දේශපාලකයින්ට එක නීතියක් සාමාන්‍ය ජනතාවට එක නීතියක් තියෙන රටක් හදන්න නොවේ අපි ජනවාරි අට ඡන්දේ දුන්නේ.

:       85       31

Shan Friday, 14 September 2018 06:16 AM

දැන් අපිට පේනවා කවුද මේ පාලනයේ කකුලෙන් අදින්නේ කියල. නොදකින්.

:       125       62

kumara Friday, 14 September 2018 06:57 AM

මට මතක විදිහට මේ මාණ්ඩලික ප්‍රධානියා තමයි එවකට නාවික හමුදාපති විදිහට වරාය වැඩ වර්ජනය වෙලාවේ වැඩ වර්ජකයින්ට පහර දුන්නේ. මේ රජයේ හොඳම හිතවතෙක්. හැමදාම පාලකයෝ හමුදාවත් , හමුදාව පලකයොත් ආරක්ෂා කරනවා. මොකද මෙ දෙගොල්ලෝ එකිනෙකා මත තදින්ම යැපෙන හින්ද. හමුදාවේ ලොක්කන්ට උසස්වීම් ගන්න පාලකයෝ ඕනි වගේම පාලකයන්ට ආරක්ෂා වෙන්න හමුදාව ඕනි. ජනාධිපතිගේ මෙ අප්‍රසාදය ඉහත අවස්ථාවේ ප්‍රබල ඉස්මතු වීමක්. වෙන විදිහකට කියනවනම් ඔහුට හමුදාවෙන් ලකුණු දාගන්න උත්සහ කරපු උත්සහයක්.

:       0       4

sirimal Friday, 14 September 2018 07:41 AM

මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක්ද ඇතිවූවානම් මේ විස්තරය දුන්නේ ජනාධිපතිවරයාමද? එක දවසක කියනවා තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා. තවත් දවසක කියනවා "ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව". එතකොට රනිල් පුම්බන්න කටයුතු කරන්න කියලා කාටදෝ කිව්වා කියලා දැන් ප්‍රචාරය වී ඇති කෙනා ගැන මොකද කරන්නේ? පොහොට්ටුවේ කට්ටිය මේ කතාව අල්ලාගෙන දැනටමත් ලෝකේ වටේට ලොකු ප්‍රචාරයක් ගෙනියනවා " මේක නැගෙනහිරදී ජනාධිපති සහ ගෝඨාභය ඝාතනය කිරීමේ සැලැස්මක කොටසක්" හැටියට. මේවගේ හරිහැටි කරුණු සොයා නොබලා දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් භයානක ප්‍රචාර ගෙනයන කට්ටිය ගැනත් සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු කළොත් වැඩිය හොඳ බවයි පෙනෙන්නේ...

:       25       26

nimal Friday, 14 September 2018 08:09 AM

මම මෙපමණ කලක් හිතන් හිටියේ එක එක්කෙනාට එක එක විදිහට සලකන එකට මෙතුමා විරුද්ධ බවයි. අපි නම් අප්‍රසාදය පළ කරන්නේ එහෙම කරන එකටයි ඒකටයි. පොල් ගෙඩියක් හොරකම් කළ එකා කුදලාගෙන යනවා මිනී මරපු එකාව වඩම්මගෙන යනවා.

:       0       0

chandawimala himi Friday, 14 September 2018 09:00 AM

ප්‍රමාදවෙලා හරි ඔබතුමාට නුවණ පහළවීම ගැන සතුටුයි.

:       14       155

athulaFriday, 14 September 2018 10:10 AM

නැහැ එහෙම බැහැ. යුද්ධ කරන්න බලය ලැබුණට නිකම් නිස්කාරණයේ මිනිස්සු මරණ එකට සමාවක් නැහැ. මේවා මහා අපරාද... ජනාධිපති බයයි... අරුණගේ, ගම්මන්පිලගේ කටට එහෙම කරන්න බැහැ. අපරාධයක් කළානම් පුද්ගලික ඕනෑ එපාකම්වලට ඒවාට දඬුවම් දෙන්නම ඕනෑ. එතකොට තමයි අනිත් අපරාධ කාරයින් ප්‍රවේසම්වෙන්නේ... පුද්ගලිකව සල්ලිවලට හෝ ඒ අයගේ තරහ පිරිමහගන්න උත්සාහ ගන්න බයයි. ඕන ලොක්කෙක් නීතියට යටත්බව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි..

:       75       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site