
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
මෙම කෘත්‍රිම සඳ මතුපිට නිර්මාණය කර ඇත්තේ, ජර්මනියේ කාලෝන් නුවර, ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත අංගනයක් තුළය. ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වර්ග මීටර් 700 ක ප්‍රදේශයක තුළ මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කර ඇත.
යමහල් පාෂාණ ටොන් 900 ක් කුඩු කරමින්, මෙම සඳ මතු පිට කෘත්‍රිම පෘෂ්ඨය නිර්මාණය කර ඇත. ජර්මනියේ අයිෆල් පළාතේ යමහල පාෂාණ, ඉතාලියේ එට්නා ගිනි කන්ද අවට යමහල් පාෂාණ සහ පස් සහ නෝර්වේ රාජ්‍යයෙන් එකතු කරගත් යමහල් පාෂාණ මෙම කෘත්‍රිම සඳ නිර්මාණයට යොදා ගත් බව පැවැසෙයි.
කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කිරීමට මූලික වශයෙන් දායක වී ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි. ‘එසා’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා ඇත. ඊට අමතරව, ඇමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණයට සම්බන්ධ වී ඇතැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 17
76
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
911
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2533
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හඳට සමාන බොරු හඳක් හදලා
saman Thursday, 10 October 2024 02:03 PM
මෙහෙම එකක් ඉස්සරත් හදලා රඟපෑමක් කළානේද? නීල් ආම්ස්ට්‍රෝන්ග්...