IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

(ඩබ්ලිව් ඩී එම් විතානගේ )

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ  තැබීමට මහර  මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියම කළාය.

මෙසේ රිමාන්ඩ කරනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා වෙති.

මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්හ. ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.

මේ අතර මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැර ඇත.

 



අදහස් (3)

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

ravin Monday, 28 July 2025 01:41 PM

ශා ඒ පාරත් මිස් වුණා. හොඳවායින් වාඩියක් පෙරාගන්න හිටියේ..

:       0       11

කෝරලගේ Monday, 28 July 2025 03:54 PM

මේ තක්කඩි බලය තියෙන කොට සිංහයෝ වගේ හිටියේ. දැන් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට බැලූ කුක්කෝ වගේ. අපේ රට බංකොලොත් කරන්න මුළු රටම හොරා කෑවා රාජපක්ෂ සහ රනිල් ඇතුළු තව විශාල පිරිසක් පෝලිමේ ඉන්නවා. හොඳ සෙල්ලම් තව ඉස්සරහට තියෙනවා.

:       1       15

Perera Monday, 28 July 2025 09:41 PM

මේ වගේ තුප්පහි චරිත පාර්ලිමේන්තු ගිහින් රට මේ තරමට ඉතුරු උනා අති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site