මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මැදිවී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා උපාලි ධර්මදාස මහතා ඉදිරිපත් විය යුතු බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දැනට වැටී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගත හැක්කේ උපාලි ධර්මදාස මහතා වැනි දක්‍ෂ ව්‍යාපාරිකයකුට බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මෙන්ම කි‍්‍රකට් අතුරු කමිටු වලද සේවය කළ නිලධාරීහු කියා සිටිති.
මෙසේ පවසන පිරිස අතරට ශී‍්‍ර ලංකා පිලේ සිටි ප‍්‍රවීණතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙනෙකු වන හිටපු නායක සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන්ද එක්වී සිටිති.
කොළඹ ගලධාරී හෝටලයේදී ඊයේ (4 වැනිදා) සන්ධ්‍යාවේ පැවැති රැස්වීමකදී මෙවර නිලවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළ උපාලි ධර්මදාස මහතා තමන්ගේ මූලිකත්වයෙන් ප‍්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් කරන බවත් පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු මෙන්ම 1999 දී පත්කරන ලද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පළමු අතුරු කමිටුවේ ලේකම්වරයාද වූ එස්. ස්කන්ධකුමාර් මහතා පවසා සිටියේද වසර 20 ක පමණ කාලයක සිටි කි‍්‍රකට් පරිපාලන අත්දැකීම් ඇති උපාලි ධර්මදාස මහතාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව දැනට වැටී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට හැකියාව ඇති බවයි. 1999 කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාවූ රියන්සි විජේතිලක මහතා පවසා සිටියේත් උපාලි ධර්මදාස වැනි ශූර ව්‍යාපාරිකයකුට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගොඩගත හැකි බවකි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රවීණයන් දෙදෙනාම තම අදහස් දැක්වූයේ ඊයේ සවස ගලධාරී හෝටලයට පැමිණීමෙන් නොව, පටිගත කරන ලද වීඩියෝ ප‍්‍රකාශනයකිනි.
”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හොඳ පරිපාලනයක් අවශ්‍යයි. ඒ පාලක තනතුරට හොඳම සුදුස්සා උපාලි ධර්මදාස කියලා මා පෞද්ගලිකවම විශ්වාස කරනවා”
”අපි හැමෝම උපාලි ධර්මදාසට උදව් කරන්න ඕනෑ” යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන සනත් ජයසූරිය පැවසීය.
මුත්තයියා මුරලිදරන් පවසා සිටියේ වසර 20 ක පමණ කාලයක් තමා කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ නමුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව වර්තමානයේදී මුහුණ දී ඇති ආකාරයේ අර්බුදයක් කිසිදා නොදුටු බවයි.
”ඔහු (උපාලි ධර්මදාස මහතා) වගේ කෙනෙකුට කි‍්‍රකට් ආයතනය මේ තත්ත්වයෙන් මුදාගන්න පුළුවන් කියා මා හිතනවා” යයිද මුරලිදරන් පැවසීය.
සනත් ජයසූරිය මෙන්ම මුත්තයියා මුරලිදරන්ද මෙසේ ප‍්‍රකාශ කළේ කී‍්‍රඩා සමාජ නියෝජිතයන් 60 කට වැඩි පිරිසක් සහභාගි වූ ගලධාරී හෝටලයේ පැවැති රැස්වීමට සහභාගි වෙමින් නොව, හිටපු කි‍්‍රකට් නිලධාරීන් මෙන්ම වීඩියෝ ප‍්‍රකාශනයකිනි.
මෙම රැස්වීමට කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් මෙන්ම පළාත් කි‍්‍රකට් සංගම් නිලධාරීහුද සහභාගි වූ අතර හිටපු කි‍්‍රකට් අතුරු කමිටු ලේකම් කේ. මතිවානන් මහතාද ප‍්‍රධාන මේසයේ අසුන් ගෙන සිටියේය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු කී‍්‍රඩකයෝ-නිලධරයෝ උපාලි වටා රොක්වෙති
සිසිර කුමාර Monday, 05 December 2011 11:36 AM
දැනටම දේශපාලනය ඇවිල්ලද?
චමත් රණසිංහ Tuesday, 06 December 2011 01:04 PM
අනිත් අයට වැඩිය නම් හොදයි කියල හිතෙනවා