
(අංජුල මහික වීරරත්න)
ජල ගැල්මට හසුවූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයාබැලීම සහ අදියරෙන් අදියර රෝහලේ සියලු ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත විය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා සහ මෙරට ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා දිවයිනට පැමිණ සිටින ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු නියෝජිතයෝ කිහිපදෙනෙක්ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලේකම්වරයා ඇතුළු කණ්ඩායම රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, සියලුම වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, ශල්‍යාගාර සංකීර්ණය, රසායනාගාරය, ලේ බැංකුව, එක්ස්රේ ප්‍රතිකාර අංශය, සී. ටී ප්‍රතිකාර අංශය, වෛද්‍ය නිල නිවාස ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර ඇතුළුව රෝහලේ සියලු අංශ නිරීක්ෂණය කළේය.
ඉතා ඉහළ වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ නැවත ස්ථාපිත කිරීමේදී ගොඩනැගිල්ලක පළමු මහලේ ස්ථාපිත කිරීමෙන් නැවත වරක් මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් එම උපකරණවලට සිදුවන හානිය අවමකර ගැනීමට හැකිවීම පිළිබදව ද මෙහි දී අවධාණය යොමුකර කටයුතු කිරීමට සාකච්ජා විය. පරිත්‍යාගශීලීන් විසින් රෝහලට යම් යම් පරිත්‍යාග ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන බැවින් ඒ සදහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී අවධාරණය කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හලාවත රෝහලේ සැප දුක් බලන්න යයි