(ශානුක අරවින්ද)
ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ. ඔහුට වයිරසය ආසාදනය වී ඇත බවට තහවුරු වී ඇත්තේ දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදීය.

ලයාම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම එකම බසයේ පැමිණි අතර දෙදෙනාම මුව ආවරණ පැළඳ සිට නැත.
“මේ සංචාරයේදී වැඩියෙන්ම නිදාගන්න පුළුවන් කාටද... ෂින්වාරි නම් බස්එකේදීම පටන් ගත්තා“ යයි සොහේල් තන්වීර් ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබිණ.
කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඔහු සමග එකම ගුවන් යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් මේ වන විට නිරෝධායනයට යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් කවුද...? අපේ රටේ ඉන්න අය නම් හරක්... මේ අයව අරන් සෙල්ලම් කරන්නේ...
අපි පත්කරපු ආණ්ඩුවෙ ඉන්න අය මේ වගේ ගොන් වැඩ කරනකොට අපේ තමයි රෙද්ද කඩා වැටෙන්නේ... ඇත්තටම මේ වගේ පාලකයින් රැළක්ද අපි පත්කළේ...? ඊළඟ ගොන්කම තමයි නිසි සැලසුමක් නැතුව තදියමේ පාසල් ආරම්භ කිරීම...