IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සේවක සහ ගුවන් යානා හිඟයෙන් ගුවන් ගමන්වලට බාධා

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම  ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද , දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් පමණක් බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .

එහෙත් තවත් ඒ.- 330 සහ ඒ.- 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින අතර තවත් ඒ.- 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක් , ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව ඇංජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත් කර ගාල් කර පවතින බව ද හෙතෙම පැවසීය .

මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු පමණ ඉන් ඉවත් වී , විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

පකිස්තානයේ ලාහෝර් , ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීම්වලට ලක් වී තිබුණි .

 

 



අදහස් (5)

සේවක සහ ගුවන් යානා හිඟයෙන් ගුවන් ගමන්වලට බාධා

sene Thursday, 28 September 2023 11:38 AM

සිරිපාල මහත්තයා ගුවන් යානා ගනුදෙනු වලින් විශාල කොමිස් , ඒ ටිකත් ඇරගෙනම යමු නේ ?

:       1       18

චන්දන Thursday, 28 September 2023 12:50 PM

ඇයි පණ්ඩිත කතාවක් කිවුවෙ රටන් ගෙන්නවනව කියල..

:       1       9

de silva berlin Thursday, 28 September 2023 01:38 PM

ගුවන් යානය තුළ සහ කවුන්ටර් වල සිටින සේවිකාවන්ගේ සහ සේවකයින්ගේ තිබෙන ආඩම්බරකමත්, ගුවන්යානා තුළ ඇති සැප පහසුකම් අඩුවීමත්, යානා නිතර කර්මිකදෝෂ වලට ලක්වීම සහ ප්‍රමාදවීම නිසා තම ජීවිතය පිළිබඳව ඇති බියත්, කලට වේලාවට ගමනාන්තයට යාගන්න බැරි වේවි කියන බියත් නිසා බොහෝ දෙනෙකු ශ්‍රී ලන්කන් තෝරා ගන්නේ නැත.. එම නිසා ආදායම විශාල ලෙස අඩු වී ඇත. එම නිසා මේක නඩත්තු කරන්න රජයට සිදුවී ඇත.. මේක වහාම ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි.. එසේ නොමැතිනම් වසා දැමිය යුතුයි...

:       0       24

mangala Thursday, 28 September 2023 04:32 PM

මේ ගුවන්සේවය නැතිවෙන තැනට වැඩ කළේ කළමනාකාරිත්වය සහ වෘත්තීය සමිතිය. කළමනාකාරිත්වය වගේම තමයි. වෘත්තීය සමිතියේ ඉන්න අයත් ගෙවලයෝ වගේ තනතුරු දාල යන්නේම නෑ. පැන්ෂන් ගිහින් උපදේශක හැටියට හරි ඉන්නවා සාමාජිකයන්ගේ සල්ලි වලින් යැපෙන ගමන්...!

:       0       0

sarath Thursday, 28 September 2023 06:31 PM

EPF එක නොවේ රටම විකුණලා හරි මේක දිගටම පවත්වාගෙන යමු. ඕක විකුණලා හෝ වහලා දැම්මාම කොහොමද සිරිපාල කොමිස් ගහන්නේ...? නිශාන්ත වික්‍රමසිංහ ලක්ෂ 50 ඔරලෝස් බැඳගෙන ගුවන් සේවිකාවෝ සමග සුර සැප විඳින්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site