(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

සෞඛ්‍ය සේවාව ද අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔහු කීවේය.