
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවැසීය.
යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත රෙජිමේන්තුව සන්තකයේ තබාගැනීමේදී යම් අපරාධයකට සම්බන්ධ සෙබළුන්ට විදෙස්ගතවීමේ හැකියාව ද අවහිර වන බව ගමගේ මහතා පැවැසීය.
එමෙන්ම බොහෝ යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගතවී ඇති අතර එවැනි විදේස් ගමන් බලපත්‍ර තෙවන පාර්ශවයක් අතට යෑමේ අවධානම ද අවම වන වරුණ ගමගේ මහතා කීය.
බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේදී හා සාමා සාධක බළකා සදහා විදෙස් ගත කිරීමේදී ඇති වන ගැටලු කාරී තත්ත්ව වළක්වා ගැනීම සදහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති අතර එම විදෙස් ගමන් බලපත ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීමට රෙජිමේන්තු අණ දෙන නිලධාරීන්ගේ වගකීම වන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
එහෙම කරන්න බැහැ. මේ ආණ්ඩුවේ හොර වැඩක් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. සියලුම සෙබළුන් මේ සඳහා විරුද්ධ විය යුතුයි.
කිසිම ප්‍රශ්නයක් නෑ. විදේශ පුහුණුවීම් වලට ගිහිං රට පනින එක වළක්වන්න හොඳ ක්‍රමයක් ඒක ප්‍රායෝගික නම්...!
හිමින් හිමින් ඒකාධිපති වියරුවක් කරා. අපි කිව්වා ඔය එන්නේ අන්තිම ජනාධිපතිවරණේ කියලා. එතකොට කිව්වා ඒකට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා. දැන් ඉතින් කාල වරෙන්කො. කොහොමද ඊළඟ ව්‍යවස්ථාවෙන් මාලිමාවේ එකෙක් සදානායක කරොත් චීනෙ වගේ. අපේ උන්ගේ සියලු අමාරු හොඳ වෙයි එතකොට.
සේරටම ඉස්සෙල්ලා මේ රටට හරි හමන් විපක්ෂයක් තියෙන්න ඕන. කොන්ද පණ නැති විපක්ශයක් නිසා අන්තවාදීන් රටේ බලය ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය වෙද්දී කතා කරන්න එකෙක් නෑ. ජාත්‍යන්තර මාධ්‍ය ගෙන්නල මේ වෙන දේ කියන්න මොකෙක් වත් නෑ. ඔහේ රටයි, ජාතියයි, ආගමයි විනාශ වෙන්න ඇරලා කට බලියන් ඉන්නව.
මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරිමකි. එපමණක් නොව ජාත්‍යන්තර නීති රීති වලටද පයින් ගැසීමකි. මෙවැනි තීරණ ගන්නා ගොබ්බයන් අධිකරණය හමුවට ගෙන ගොස් දඬුවම් කල යුතුය. අදාළ අංශ වහාම නඩුවක් ගොනු කල යුතුය.
හැඳුනුම්පත් එකතු කරපු පුරුද්ද වෙන්න බැරිද?
හොඳ වැඩක් ගොඩක් අපරාධ කරලා රට පණින්නෙ පොලිස් සහ ආමි එකේ අය. මොකද ඒ අය ගාව වෙපන්ස් තියන නිසා අපරාධ කරන්න සහ අපරාධකරයන්ට උදව් කරන්න පුළුවන්. හොඳ ආමි පොලිස් අය මොකටද ඒකට බය වෙන්නෙ?
මෙය මානව හිමිකම් වලට විරුද්ධ වැඩක්. කිසිම පුරවැසියෙකුගේ හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත අත්අඩංගුවේ තියා ගන්න බෑ මම දන්න හැටියට. මේ ගැන නීතිය දන්න අය කතාකරාවි. සහ මේ තීරණය හකුළාගනීවි.
මේක නීති වීරොදි වැඩක්
පසුගිය සියවස කාලේ මැදපෙරදිග රටවල සාමාන්‍ය සේවකයන්ට තිබුන තත්ත්වයක්.දැන් ඒ රටවල්වලත් නොකරන යල්පැනගිය ක්‍රමයක් අපේ හමුදාව වැනි ආයතනයක් ක්‍රියාත්මක කිරීම පුදුම සහගතයි.
මේජර් තනතුරට ඉහළ අයට ඒ නීතිය නෑ... නිලධාරිවාදය උපරිමේටම තියන ආයතනයක් හමුදාව කියන්නේ