
(අංජුල මහික වීරරත්න)
ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.
සුසන්තිකා ජයසිංහ මහත්මියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරයා මෙලෙස ශෝකය පළ කර ඇත.
කාර්යබහුල තත්ත්වය නිසා අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වීමට සම්බන්ධයෙන් කණගාටු වන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
COMMENTS
නමුත් රටේ ඩොලර් නැති වෙලාවේ මහජන මුදල් නාස්ති කරමින් එදා බ්‍රිතානයේ මහා රැජිණගේ අවමංගලයටත් සහ හිටපු ජපානයේ අගමැතිගේ අවමංගලයටත් බිරිඳ සමග විනෝද චාරිකා කළා...
එයාපෝට් එකක් තියන පැත්තක වුණා නම් ප්ලේන් එකක තව හැච්චො බැච්චෝ කට්ටියකුත් දාගෙන ගිහින් අවමංගල්ලයට සහභාගි වෙලා එන්න තිබුණා නේද? බැරිද හෙලිකොප්ටර් දෙකක් අරන් අවමගුලට ගිහින් එන්න...?
ඇත්තටම දැන් රටේ තියන ප්‍රශ්න දිහා බැලුවම මේ වගේ දුරකථන ඇමතුමක් ජාතික වැදගත්කමක් දෙන කරුණක්