
(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් දීමේ ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනකු ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
පශ්චාත් නේවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය එසේ දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු ප්‍රියන්ත ප්‍රන්නාදු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
වෛද්‍යවරුන් වන මිතුම් දිසානායක සහ නිම්සර මෙන්ඩිස් මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd