
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්‍රපටි නිෂ්පාදකවරයකු වූ අනුර සමරජීව මහතා එහි අයිතිකාරිය හමුවීමෙන් පසු පොසොන් පොහොය දිනයේ ඇයට එය බාර දී ඇත.
රන් මාලයේ අයිතිකාරිය වූයේ නුගේගොඩ නාවල ප්‍රදේශයේ පදිංචි ජයමිනි මහත්මියයි.
චිත්‍රපට නිෂ්පාදක අනුර සමරජීව මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීපයට තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.
පසුගිය වසරේ ජුනි මස 16 වැනි දා ද ගේම් චිත්‍රපටයේ මංගල දර්ශනය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණා. මේ අවස්ථාවට සහභාගි වූ ප්‍රේක්ෂකයකු මෙම රන්මාලය අහුලාගෙන අයිතිකරු හොයාගෙන භාර දෙන ලෙස පවසා මට දුන්නා රන්මාලය අහුලා ගත් අහුලාගත් ප්‍රේක්ෂකයා කවුද කියාවත් මට කිව්වේ නැහැ මාලයේ අයිතිකරු සොයා ගන්නා තෙක් මම එය මගේ බිරිඳට සුරැකිව තබා ගන්නා ලෙස පවසා ඇයට බාර දුන්නා.
පසුව එහි අයිතිකරු හමුවීමෙන් පසු මම එම රන් මාලය බාරදුන්නා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු නම් කිසිසේත්ම සකල සිරින් පිරි සිරි ලංකාවේ පුරවැසි භාවයට සුදුසුකම් නොලබයි.
ඔන්න මනුස්ස ගති ඇති මිනිස්සු. ඔබ තුමාට අපගේ ගෞරවය පුද කරමු.
සමරජීව මහතාට අපගේ ප්‍රණාමය ... !!! චිත්‍රපට ක්ෂේත්‍රයට ඔබතුමා වැනි නිෂ්පාදක වරුන් වාසනාවන්..
විශිෂ්ථයි ඔබල දෙදෙනාම ,කියන්ඩ වචන නැහැ අහන්ඩ කො දේශපලනය කරන්ඩ ,අපේ රටට ඔනකරන්නෙ ඔයවගෙ අවංක අය රට පාලනයට